ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක සංගමය සංවිධානය උද්ඝෝෂණයක් කොළඹ ඉංජිනේරු සංස්ථා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී අද (07 ) පැවැත්විණි.

වැඩ තහනම් කළ සියලු සේවකයින් වහා සේවය පිහිටුවන ලෙසත්, සේවක දඩයම නැවැත්වීම, මේ මාසය සදහා පඩිය ගෙවන ලෙසත් ,වැඩබිමට කෙරෙන දේශපාලන අත පෙවීම් වහා නවතන ලෙස බලකරමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

පොදු රැස්වීම් උද්ඝෝෂණ නැවත දැනුම්දෙන තුරු තහනම් කර ඇති බව පොලිසිය පැමිණ දැනුවත් කිරීමෙන් පසු උද්ඝෝෂකයෝ විසිර ගියහ.

(ඡායාරුපය ශාන්ත රත්නායක)