IMG-LOGO

2024 ජුනි මස 18 වන අඟහරුවාදා


ඉකුත් වසරේදී ඉන්දු - ලංකා සබඳතා ශක්තිමත් වුණා

 

ඉකුත් වසරක කාලය තුළ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා නව අංශ කරා පුළුල් හා ශක්තිමත් වූ බව ඉන්දීය ජනාධිපති නරේන්ද්‍ර මෝදි මහතා පැවැසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්ව වසරක් පිරීම නිමිත්තෙන් සුබ පැතුම් එක් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඒ බව සඳහන් කළේය.

කොවිඩ්-19 වසංගතය මතු කර තිබෙන අභියෝග මධ්‍යයේ දෙරට අතර පවතින ශක්තිමත් සහයෝගීතාව දෙරටේ ජනතාව අතර තිබෙන මිත්‍රශීලී බැඳීම් සංකේතවත් කරන බව අග්‍රාමාත්‍ය මෝදි මහතා පැවැසීය. කොවිඩ්-19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව කරන සටනට හා ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතාවලට සහාය දැක්වීමට ඉන්දියාව දක්වන කැපවීම නරේන්ද්‍ර මෝදි මහතා අවධාරණය කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ද්විපාර්ශවීය සබඳතා උපරිම තලයකට ළඟා වනු ඇතැයි ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

අග්‍රාමාත්‍ය මෝදි මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉදිරි ධුර කාලය සඳහා සිය සුබ පැතුම් පිරිනැමූ අතර තවදුරටත් සමීප සබඳතා පැවැත්වීම සඳහා ඉන්දියාව සූදානම් බව සඳහන් කළේය.

මෙම ශුභාශිංසන පණිවුඩය නායකත්ව මට්ටමෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින නිරන්තර අන්තර්ක්‍රියා ඉදිරියට ගෙන යාමක් බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත.

එවන් අන්තර්ක්‍රියා කොවිඩ්-19 වසංගතය විසින් මතු කර තිබෙන අභියෝග හමුවේ වුවද සංවර්ධන සහයෝගීතාවය, වෙළඳ සහ ආර්ථික සබඳතා සහ ජනතාව අතර බැඳීම් යන අංශවල පවතින සැලකිය යුතු වර්ධනයන් සඳහා හේතු වී ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.

055



අදහස් (1)

ඉකුත් වසරේදී ඉන්දු - ලංකා සබඳතා ශක්තිමත් වුණා

බද්රානි Tuesday, 24 November 2020 09:15 PM

ඒ සම්බන්ධතා වැඩි වුණු තරමට තමයි මේ රටේ ත්‍රී වීලර් සංඛ්‍යාව වැඩි වෙන්නේ... හොඳට උඩ පැන පැන යන්නත් එක්ක ටාටා බස් රථ මේ රටට තව එවන්න. ගොන් කරත්ත කාරයින්ට (ගොන් කරත්ත ජාතියට) ඔබ තුමාලාගේ ඔය වාහනත් හොඳ වැඩියි... හැකි නම් ඩක්කු ටිකක් හදවලා ලංකාවට එවන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

රංගනයක යෙදී මුදල් ගැරූ හිටපු මේජර් මාට්ටු
2024 ජුනි මස 18 315 0

සති අග ඉංග්‍රීසි පුවත්පත්වල මංගල දැන්වීම් පළකර පියකු සහ පුතෙකු ලෙස ද්විත්ව රංගනයක යෙදෙමින් මත්ද්‍රව්‍ය වලට පුනරුත්ථාපන වූ පුද්ගලයෙකුගේ හැඳුනුම්ප


‘‘2030 පිලිකා රෝගීන් දෙගුණයක් වෙයි‘‘
2024 ජුනි මස 18 119 0

ලෝකයේ පිළිකා රෝගීන්ගේ ගණන 2030 වන විට දෙකෝටි විසි ලක්ෂයක් දක්වා ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මහනුවර ශාඛාවේ මනෝ වෛද්‍ය යෝගා ඇන්තනී මහත්මිය සඳහන


පොලීසියට එරෙහි තාබුගලගේ ප්‍රකාශය ඉදිරිපත් කරන්න දිනයක්
2024 ජුනි මස 18 431 0

පොලිසිය කප්පම් ඉල්ලා සිටියේ යැයි කියමින් අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල සැකකරු සිදු කරන ප්‍රකාශය ලබන 24 දින ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේ


අනධ්‍යයන සේවක සාකච්ඡා අසාර්ථකයි
2024 ජුනි මස 18 722 0

විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිතිය හා හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොම්ෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්යය සම්පත් අමරතුංග


අතුරුදන් වූ සිඟිත්තා ළඳු කැලෑවකින් හමුවේ
2024 ජුනි මස 18 890 0

නොර්වුඩ් ඩන්කන් වතුයායේදි ඊයේ (17) දින රාත්‍රියේ අතුරුදහන් වූ සිව් හැවිරිදි දරුවා එම වතුයායේම ළදු කැළැවක සිටියදි අද සොයාගත් බව නොර්වුඩ් පොලිසියේ ස්ථාන


‘බුදු දහමට හානි වන කිසි තීරණයක් පිළි ගන්නේ නෑ‘
2024 ජුනි මස 18 661 0

කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බව ජාත්‍යන්තර කාන්තා සංවිධානවල සියලු ගිවිසුම්වල ඇතුළත් වන බවත් එම කටයුතු වලට බාධා කිරීමට අධ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1336 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3060 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2506 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site