ඇෆ්ගනිස්ථානයේ නිරිත දිග කඳුකර පෙදෙසකදී යුද හමුදා හෙලිකොප්ටරයක් අනතුරට පත්වීමෙන් 25දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මියගිය අය අතර යුධ හමුදාවේ ඉහල නිලධාරියකු ද පළාත් සභා ප්‍රධානියෙකු ද සිටින බව පොලිසිය පවසයි. කාර්ය මණ්ඩලය හැරුණු විට සොල්දාදුවන් පිරිසක් සහ ප්‍රාදේශීය දේශපාලකයන් පිරිසක් යානයේ ගමන් කර ඇත.
යානය බිම හෙළුවේ තමන් විසින් බව තලේබාන් කැරළිකරුවන් පිළිගෙන තිබේ. ෆාරා පළාතේ සිට හෙරැට් වෙත හෙලිකෝප්ටර් දෙකක් ගුවන් ගතවී ඇති අතර ඉන් එකක් මෙලෙස අනතුරට පත්වී ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd