( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බණ්ඩාරගම වීදියගොඩ බෙත්මේ ගොඩ ඇළෙහි වැටී මියගොස් සිටි කාන්තාවගේ මළ සිරුරක් අද හමුවූ බව මොරගහහේන පොලිසිය කියයි.
මෙලෙස මියගොස් තිබුණේ බණ්ඩාරගම බෙත්මගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.එ. ස්වර්ණ ලතා 54 අවිවාහක කාන්තාවකි.
මියගොස් සිටි කාන්තාව ඊයේ (24) නිවසින් අතුරුදන්ව සිට ඇතැයි පොලිසිය කියයි .
ඇය පිළිබඳ වන තුරු සොයා බැලුවද කිසිදු තොරතුරක් දැනගැනීමට ලැබී ඇති අතර අද අසල්වාසී පුද්ගලයකු ඇය ඇලේ වැටී සිටිනු දැක ඒ බව ඥාතීන්ට දැනුම් දී ඇත .
කාන්තාවගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය මොරගහහේන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd