(චමිල් රූපසිංහ)
 
මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ පෙරහරේ සමාප්තිය ගැටඹේ මහවැලි ගං තොටේදි අද (04) අලුයම  දිය කැපීමේ චාරිත්‍රයෙන් අවසන් විය.
 
ගැටඹේ තොටට ගොස් දිය කැපීමේ මංගලෝත්සවය පවත්වා ආපසු ගණදෙවි කෝවිලට ගොස් දේව පුජාව පැවැත්විණි.
 
පසුව, උතුරු දිශාමුඛව පෙරහැර පිටත්ව කටුකැළේ වීදිය, දළඳා වීදිය, ඊ එල් සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය), කන්දෙ වීදිය (හීල් වීදිය) ඔස්සේ   ඩී. එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) මංසංදිය වෙත පැමිණියේය. දහවල් 2.37 ට උතුර දිශාමුඛව (ආදාහන මලුව ) ගෙඩිගේ විහාරයෙන් පිටත්වන ශ්‍රී දළඳා මන්දිරයේ පෙරහර‍ෙඩී. එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) , පන්සල පාර ඔස්සේ දේව වීදියෙන් රජ වීදියට හැරී මාළිගා චතුරශ්‍රයේ තෙවිටක් ප්‍රදක්ෂිණා කර සවස 5.07උතුරු දිශාව බලා ශ්‍රී දළඳා මාළිගාවට ගෙවදීමට නියමිතය.