(ඉන්දිකා  රාමනායක)

මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසියේ හා ති‍්‍රවිධ හමුදාවේ 8000 අධික පිරිසක් යොදවා ඇති බව ශ්‍රී දළදා මාලිගාවේ  දියවඩන නිළමේ තැන්පත්  ප‍්‍රදීප් නිලංග දෑල  මහතා පැවසීය.

මින් 6000 පිරිසක් පොලිසියේ බවද 2000 පිරිසක් යුද හමුදාවේ බව දියවඩන නිළමේවරයා කියා සිටියේය.

මෙරවර පෙරහර  වෙනුවෙන් දැඩි  ආරක්ෂික විධිවිධාන රැසක් ක්‍රියාත්මක කර ඇති බවත්  පෙරහර භූමිය ඇතුළු වන සියලූ  දෙනා  නිසි  පරීක්ෂාවට ලක්කර කර පෙරහරට සහභාගි වන නර්ථන කණ්ඩායම් සාමාජිකයන්ගේ අනන්‍යතාව තහවුරු කරගෙන ඔවුන් සහභාගී කර ගන්නා බවද  දියවඩන නිළමේවරයා කීය.

දියවඩන නිළමේ ප‍්‍රදීප් දෑල මහතා මේ බව පැවසුවේ ජනමාධ්‍ය අමාත්‍යාශයේ අද (31) පෙරවරුවේ  ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

ඡායාරූප - ළහිරු හර්ෂණ