(තිළිණි ද සිල්වා)

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාගැනීම සදහා දිනයක් වෙලාවක් හා මධ්‍යස්ථානයක් වෙන්කර ගැනීමට මාර්ගගත හා කෙටි පණිවුඩ (එස්.එම්.එස්) මගින් සිදුකල හැකි බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

ඒ අනුව ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබා ගැනීමට අවශ්‍ය අය සීටී නම් vaccine.covid19.gov.lk වේබ් අඩවිය හෝ 1906 යන දුරකථන අංකය මගින් ලියාපදිංචි වියහැකි බවද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන කියා සිටී.

සාර්ථකව ලියාපදිංචි වූ පසු, ඔවුන්ට ලියාපදිංචි අංකයක් (කේතයක්) ලැබෙනු ඇත. යමකුට නියමිත වේලාවට අදාළ එන්නත් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණ එම අංකය යොමු කිරීමෙන් පහසුවෙන් එන්නත ලබාගත හැකි බවද එම නියෝජිතායතනය පන්වා දේ.

ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් අය සදහා දෙවන මාත්‍රාව විධිමත් ලෙස ලබා දීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීම මෙහි අරමුණ බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා පැවසීය.