IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පරීක්ෂණ වාර්තාව එළියට

(සුජිත් හේවාජුලිගේ)

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා අයගේ කාර්යක්ෂම (ගුණාත්මක) ප්‍රතිදේහ සති 16 ඉක්මවූ පසු සැලකිය යුතු ලෙස යුතු ලෙස අඩුවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පර්යේෂක කණ්ඩායමක් කළ පරීක්ෂණයකදී තොරතුරු හෙළිවී ඇත.

එම අඩුවීම සියයට 26.1ලෙස දැක්විය හැකි බව එම පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියකු වන ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

කෙසේ වෙතත් කාර්යක්ෂම ප්‍රතිදේහ අඩු වී තිබුණත් ප්‍රතිශක්තිය ආශ්‍රිතව ඇති මතක සෛල ඉහළ කාර්යක්ෂමතාවයෙන් යුක්තව පවතින බව හෙළි වූ බවත් දෙවැනි මාත්‍රාව ගත් පසු ප්‍රතිදේහවල කාර්යක්ෂම ගුණනයක් මේ අනුව බලාපොරොත්තු විය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

මේ අතර ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් අය තුළ සති 16 යනවිටත් හොඳ ප්‍රතිදේහ මට්ටමක් පෙන්නුම් කළ බව පැවසූ ජීවන්දර මහතා තරුණ අයගේ එම ප්‍රතිදේහ ප්‍රතිශතය සියයට අනූ අටක් ලෙස පැවති බවද සඳහන් කළේය.

වයස 70 ට වැඩි අයගේ එම ප්‍රතිදේහ මට්ටම සියයට 9 3.3 ක් ලෙස පැවති බවද ඔහු පැවසුවේය.

කෙසේ වෙතත් ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගෙන අල්ෆා සහ ඩෙල්ටා වයිරස ප්‍රභේද ආසාදනය වු අයගේ එම ප්‍රතිදේහ මට්ටම ඉතා අල්ප වශයෙන් පැවති බව ඒ පරීක්ෂණයේදී හෙළි වී ඇත .

සාමාන්‍යයෙන් ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගෙන සති 8ත් 12ක් ත් අතර දෙවැනි මාත්‍රාව ලබාගත යුතු බවට නිර්දේශ ඉදිරිපත් කර තිබුණු නමුත් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ හිඟය නිසා අවාසනාවකට මෙරට ලක්ෂ පහකට වැඩි පිරිසකට එම එන්නතේ දෙවැනි මාත්‍රාව සති දහසයක් යනතුරුද ලබා ගැනීමට නොහැකි වූ බවත් ආචාර්යවරයා ප්‍රකාශ කළේය .

මේ තොරතුරු හෙළි වී ඇත්තේ ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් 553 දෙනකු යොදාගෙන කළ කළ පරීක්ෂණයකදීය.

මේ පරීක්ෂණය සිදු කරනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සහ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුළු පර්යේෂකයන් කණ්ඩායමක් විසිනි .

 



අදහස් (5)

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පරීක්ෂණ වාර්තාව එළියට

සෙනවි Friday, 30 July 2021 05:54 PM

මේ පර්යේෂණ ප්‍රතිඵලය විශ්වාස කළහැකිද?. බ්‍රිතාන්‍යයේ BMJ සඳහන් කරන්නේ මීට වඩා වෙනස් දෙයක්. මිදි තිත්ත වගේ කතාවක්ද?

:       225       238

Sri lankanFriday, 30 July 2021 07:48 PM

මමත් එකඟයි. නමුත් නිලීකා මහාචාර්යතුමිය ඔක්ස්ෆර්ඩ් සරසවිය සමග තිබෙන (ඇය පෙර කියූ දෙවල් අනුව) සම්බන්ධතාවය නිසා මේ පර්යේෂණවල යම් වගකීමක් ඇතැයි කියා සිතන්නත් පුළුවන්. නමුත් වැදගත් කාරණය නම් දෙවන මාත්‍රාව ප්‍රමාද වූ අයට මෙයින් වෙන බලපෑම ගැන නිවැරදිව දැනුවත් කිරීමයි. ස්තුතියි...!

:       1       50

BANDARA Friday, 30 July 2021 09:04 PM

ආචාර්ය ජීවන්දරට ස්ථාන මාරුවක් හෝ වැඩ තහනමක් ලැබෙයිද මන්දා?

:       2       10

Warnakulasuriya Shirantha Saturday, 31 July 2021 02:24 AM

ප්‍රමාදය වෙනුවෙන් කියන්න දේකුත් එපැයි

:       0       0

JAYATH Saturday, 31 July 2021 07:45 AM

දොස්තර ජීවන්දර, මහාචාර්ය මලවිගේ... ඔබට අපි ගරු කරනවා. නමුත් ඇස්ට්‍රාසෙනිකා දෙවනි මාත්‍රාව අපට නොලැබුණේ අවාසනාව හින්දා නෙමෙයි.. මේ ගොබ්බ ආණ්ඩුවේ තියන කාලකන්නි මූසල ප්‍රතිපත්ති හින්දයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31392 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13634 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11021 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 133 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1036 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site