IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඇවන්ට් ගාඩ් නඩුවේ නියෝගය ප‍්‍රකාශයට පත් කිරීම කල්යයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා ඉදිරිපත් කර ඇති චෝදනා 882 කින් සමන්විත සංශෝධිත අධිචෝදනා පත‍්‍රය යටතේ නඩු විභාගය පවත්වාගෙන යන්නේද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය ලබන 20 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (10) දැනුම් දුන්නේය.

විත්තිකරුවන්ට එරෙහිව මීට පෙර අවස්ථාවක චෝදන 7573ක් යටතේ නීතීපතිවරයා නඩු පවරා තිබුණත් එම චෝදනා වල මූලික පදනම බිඳ වැටීම හේතුවෙන ඉන් චෝදනා 7554ක්ම ඉවත දැමු ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව නීතී විරෝධී අයුරින් උණ්ඩ ප‍්‍රවාහනයට ආධාර හා අනුබල දීම හා බොරු සාක්කි ගෙතීම යන චෝදනා 19ක් යටතේ නඩුව පවත්වාගෙන යෑමට නීතීපතිවරයාට අවසර දුන් අතර ඉන් අනතුරුව නීතීපතිවරයා විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව චෝදනා 882 කින් සමන්විත  සංශෝධිත  අධිචෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කළේය.

එම සංශෝධිත අධිචෝදනා පත‍්‍ර විත්තිකරුවන්ට බාරදීමට සුදානම් වු අවස්ථාවේදී විත්තියේ නීතීඥවරුන් ඊට විරෝධය පළ කිරීම නිසා දෙපාර්ශ්වයේ කරුණු සැළකිල්ලට ගත් විනිසුරු මඩුල්ල සංශෝධිත අධිචෝදනා පත‍්‍රය යටතේ නඩු විභාගය පවත්වාගෙන යන්නේද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය ප‍්‍රකාශයට පත් කිරීම සඳහා නඩු විභාගය කල් තැබීය.

එලෙස නියම කරන ලද්දේ මහාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගනේපොළ (සභාපති) ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

මෙම සිද්ධිය පදනම් කරගනිමින් මීට පෙර අවස්ථාවක නීතීපතිවරයා විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කර තිබිණි.

2014 අපේ‍්‍රල් 07 වැනිදා සිට 2015 ඔක්තොම්බර් මස 06 වැනිදා දක්වා කාලයේ ඉන්දියන් සාගරය, රතු මුහුද හික්කඩුව සහ කොළඹදී නීත්‍යානුකූල බලපත‍්‍ර නොමැති ස්වයංක‍්‍රීය ගිනි අවි සහ උණ්ඩ ලඟ තබාගැනීම සඳහා කුමන්ත‍්‍රණය කිරීම ඒ අනුව ටී-56, 84 එස් සහ එල්.එම්.ජී. වර්ගයේ ගිනි අවි 816ක් සහ උණ්ඩ 2,02,935ක් නීත්‍යානුකූල බලපත‍්‍ර නොමැතිව ලඟ තබාගැනීම මෙන්ම 2015 සැප්තැම්බර් 23 වැනිදා සිට 2015 ඔක්තොම්බර් මස 06 වැනිදා දක්වා කාල සීමාව තුළදී ඉන්දියන් සාගරය, රතු මුහුද හික්කඩුව සහ කොළඹදී නීත්‍යානුකූල බලපත‍්‍ර නොමැති ස්වයංක‍්‍රීය ගිනි අවි සහ උණ්ඩ ප‍්‍රවාහණය කිරීම සඳහා කුමන්ත‍්‍රණය කිරීම සහ ඒ සඳහා ආධාර හා අනුබල දුන් බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා මීට පෙර අවස්ථාවකදී චෝදනා නඟා තිබිණි.

ගිනි අවි ආඥා පනත යටතේ සහ පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදවල් විත්තිකරුවන් සිදු කර ඇති බව නීතීපතිවරයා චෝදනා පත‍්‍රයේ සඳහන් කර ඇත.

එලෙස චෝදනා කරමින් නඩු පවරා තිබුණේ ‘ඇවන්ට් ගාඩ්’ සහ ‘රක්නා ලංකා’ සමාගම්, ‘රක්නා ලංකා’ සමාගමේ (2007 නොවැම්බර් සිට 2015 ජනවාරී) හිටපු සභාපති පාලිත ප‍්‍රනාන්දු, ‘රක්නා ලංකා’ සමාගමේ (2007 ජුලි සිට 2015 මැයි) හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී කරුණාරත්න බණ්ඩා එගොඩවෙල, ‘රක්නා ලංකා’ සමාගමේ සමුද්‍ර ආරක්‍ෂණ අංශයේ සාමාන්‍යධාරීකාරි පොන්නතුරෙයි බාලසුබ‍්‍රමනියම් පේ‍්‍රමචන්ද්‍රන්, ‘රක්නා ලංකා’ සමාගමේ (2015 මැයි සිට) සභාපති වික්ටර් සමරවීර, ‘එම්.වී. ඇවන්ට් ගාඞ්’ නෞකාවේ සිටි ‘රක්නා ලංකා’ සමාගමේ නියෝජිත දොන් ඇල්බට් තිලකරත්න, ‘ඇවන්ට් ගාඞ්’ සමාගමේ සභාපති යාපා හෙට්ටි පතිරැුන්නැහැලාගේ නිශ්ශංක සේනාධිපති, ‘ඇවන්ට් ගාඞ් මෙරිටයිම් සර්විසස් සමාගමේ වාණිජ නෞකා ආරක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අංශ ප‍්‍රධානි විශ්වජිත් නන්දන දියබලනගේ, ‘එම්.වී. ඇවන්ට් ගාඞ්’ නෞකාවේ සිටි ‘ඇවන්ට් ගාඞ්’ සමාගමේ නියෝජිත නිලූපුල් ද කොස්තා, ‘එම්.වී. ඇවන්ට් ගාඞ්’ නෞකාවේ කපිතාන් ගෙනඩි ග‍්‍රැව්රිලෝන්, ආරක්‍ෂ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (2015 සැප්තැම්බර් සහ ඔක්තොම්බර්) සමන් දිසානායක සහ සුජාතා දමයන්ති ජයරත්න ආරක්‍ෂ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (2014 අපේ‍්‍රල් සිට 2015 ජනවාරී) නමැති විත්තිකරුවන් 13 දෙනාට එරෙහිවය.

ඉන් අනතුරව මෙම නඩුවේ චෝදනා පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු මීට පෙර අවස්ථාවකදී ඉදිරිපත් කළ මුලික විරෝධතාවයක් පිළිගන්නා බවට ඒකමතික තීන්දුවක් ප‍්‍රකාශයට පත් කළ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන් 05 දෙනෙකු නිදහස් කිරීමට නියම කළේය.

එලෙස නිදහස් කරන ලද්දේ ‘ඇවන්ට් ගාඞ්’ සමාගම, ‘රක්නා ලංකා’ සමාගම, ‘රක්නා ලංකා’ සමාගමේ (2007 නොවැම්බර් සිට 2015 ජනවාරී) හිටපු සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා, ‘රක්නා ලංකා’ සමාගමේ (2007 ජුලි සිට 2015 මැයි) හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී කරුණාරත්න බණ්ඩා එගොඩවෙල මහතා සහ ආරක්‍ෂ අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සුජාතා දමයන්ති ජයරත්න මහත්මියයි.

ඉන් අනතුරුව නීතීපතිවරයා විසින් චෝදනා 882 කින් යුත් සංශෝධිත චෝදනා පත‍්‍රයක් විත්තිකරුවන් 11 දෙනාට එරෙහිව ඉදිරිපත් කරන ලද අතර එම නඩුව අද කැඳවනු ලැබීය.

ඒ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවේ විත්තිකරුවන්ව සිට පසුව නිදහස් කරන ලද විත්තිකරුවන් පස්දෙනාද නඩුවට ඇතුලත් කරමින් නීතීපතිවරයා විසින් සංශෝධන චෝදනා පත‍්‍රය ඉදිරිපත් කොට ඇතැයි පැවසීය.

මෙම විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත‍්‍ර ඔවුන්ට බාරදී නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යන්නැයි සරත් ජයමාන්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පැමිණිල්ලේ ඉල්ලීමට විරෝධය දක්වමින් විත්තිකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරු කරුණු ඉදිරිපත් කළ අතර විත්තිකාර නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් අධිකරණ නියෝගයෙන් අනතුරුව නීතීපතිවරයා විසින් ඉදිරිපත් කොට ඇති මෙම සංශෝධිත අධිචෝදනා පත‍්‍රය මුළුමනින්ම නීතීයට පටහැනියැයි පැවසීය.

අධිකරණය විසින් නිදහස් කරන ලද මෙම නඩුවේ විත්තිකරුවන් යළි විත්තිකරුවන් ලෙස නඩුවට එක්කරගැනීමට නීතීපතිවරයා කරන ඉල්ලීම නීතීයට පටහැනි බව පෙන්වා දුන් ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා සංශෝධිත අධිචෝදනා පත‍්‍රය ඉවත දමන්නැයි ඉල්ලා සිටියේය.

දෙපාර්ශවයෙන් ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ විනිසුරු මඩුල්ල විත්තියේ විරෝධතාවය සම්බන්ධ තීන්දුව ලබන 20 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.

 

 

 

 

 



අදහස් (1)

ඇවන්ට් ගාඩ් නඩුවේ නියෝගය ප‍්‍රකාශයට පත් කිරීම කල්යයි

sharm warn Tuesday, 11 February 2020 03:00 AM

අනේ ඔන්න ඔය අටසිය ගානත් අයින් කරලා අහකට දාන්න. මොකට ඇදගෙන යනවද පන්දාස් ගාන අටසිය ගානට බැස්සුවා නම් ඔය ටික මහා ලොකු දෙයක් ද… අපේ බදු සල්ලි නිකන් අපරාදේ නාස්ති වෙන්නේ.

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 777 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site