IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඇවන්ගාඩ් සැකකරුවන් 4ක් තවදුරටත් රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල)
 
ගාල්ල වරාය ආසන්න මුහුදේ ඇවන්ගාඩ් නෞකාවේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධ නඩුවේ  4, 5, 6 සහ 7 වන සැකකරුවන් තවදුරටත් ලබන මස 6 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත  කිරීමට ගාල්ල අතිරේක  මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය අද(23) නියෝග කළාය.  
 
මෙසේ තව දුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත  කරනු ලැබුවේ 4 වන සැකකාර රක්නා ලංකා සමාගමේ සභාපති  වික්ටර් සමරවීර, 5 වන සැකකාර විශ්‍රාමික මේජර් ජනරාල්  පාලිත වඩුගේ පියසිරි ප්‍රනාන්දු, 6වන සැකකාර විශ්‍රාමික මේජර් ජනරාල්  කරුණාරත්න බණ්ඩා අධිකාරි එගොඩවෙල සහ 7වන සැකකාර පොලිස් කොමිසමේ ලේකම්  සමන් දිසානායක යන සැකකරුවෝ  සිව් දෙනා වෙති.
 
සමන් දිසානායක යන සැකකරු මෙයට පෙර නඩුදිනවල අධිකරණයට ඉදිරිපත් නොකළ අතර ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අද   බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.
 
මෙහිදී 7වන සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා තම සේවාදායකයාට ජයවර්ධනපුර රෝහලේම ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
 

එවිට දැඩි ආරක්ෂාවක් යටතේ සැකකරුවන් ගෙන ඒමට සිදුව ඇති නිසා සැකකරුවන් බන්ධනාගාර රෝහලේ නතර කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස බන්ධනාගාරය ඉල්ලා සිටියේය.
 
එම ඉල්ලීම් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හමුවේ ඉදිරිපත් කරන ලෙස නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය එතෙක් දැනට පවත්වාගෙන යන ආකාරයටම පවත්වාගෙන යන ලෙසද නියෝග කළාය.
 
නීතිවිරෝධි ගිනි අවි ප්‍රවාහනය කරමින් සිටියදි  ගාල්ල වරාය ආසන්නයේදී ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් 2015 ඔක්තෝබර් 13වනදින  ඇවන්ගාඩ්  නෞකාව අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන ලදි. ඒ අනුව කරන ලද පරීක්ෂණවලදි නැවේ තිබී ටී 56 ගිනි අවි 549ක්, 84 එස්. වර්ගයේ ගිනි අවි 264ක්, එල්.එම්.ජී.ගිනි අවි දෙකක් සහ උණ්ඩ 204604ක් සොයාගෙන ඇත.
 
සැකකරුවන් වෙනුවෙන්, නීතිඥ අජිත් පතිරණ, හරිත් හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතුළු නීතිඥවරුන් පිරිසක් පෙනී සිටි අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක සෙනරත් මහතා පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වන ලදී.
 



අදහස් (1)

ඇවන්ගාඩ් සැකකරුවන් 4ක් තවදුරටත් රිමාන්ඩ්

Bishan Friday, 23 August 2019 01:38 PM

අයියෝ රණවිරුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site