(ඩී.ජී.සුගතපාල)
ඇල්පිටිය රෝහලේ සායන පවත්වන කාමරයක අද (28) පෙරවරුවේ ඇති වූ ගිනි ගැනීමකින් එහි වායු සමීකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
ගිනි ගැනීම වාර්තාවීමත් සමඟ අම්බලන්ගොඩ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය පැමිණ ඇති අතර ඒ වනවිට රොහල් සේවකයින් විසින් ගින්න බොහෝ දුරට මැඩ පවත්වා තිබිණ.
ගින්න හට ගන්නා අවස්ථාවේ එම කාමරයේ කිසිවෙකුත් නොසිට ඇති අතර වායු සමීකරණ පද්ධතියට අමතරව බඩු භාණ්ඩ වලටද අලාභ හානි වී තිබේ.
වායු සමීකරණ පද්ධතියේ ඇතිවූ විදුලි කාන්දුවකින් මෙම ගින්න හට ගන්නට ඇති බව පොලිසිය පැවසීය.
විදුලි බල මණ්ඩලයද පැමිණ පරීක්ෂණ පැවැත් වීමට නියමිත අතර ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇල්පිටිය රෝහලේ ගින්නක්
lalithm Saturday, 28 March 2020 05:54 AM
හරිම දුක හිතෙන කතාවක්. කව්රුහරි පළාතේ විදුලි ඉංජිනේරුවෙක් සහ කාර්මිකයෙක් ඉදිරිපත්වෙලා උදව් වුනොත් විශිෂ්ටයි.