IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇඹිලිපිටියේ සිටි සජිත්ව හදිසියේම කොළඹට කැඳවයි

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් තමාව හදිසියේ ම අග‍්‍රාමාත්‍ය කාර්යාලයට කැඳවා ඇති බව පවසමින් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ඇඹිලිපිටිය, සංඛපාල රජමහා විහාරසථානයේ පැවති උත්සවයක් අතර තුර කොළඹ බලා පිටත්විය.

ඇඹිලිපිටිය ශ‍්‍රී සංඛපාල රජමහා විහාරස්ථානයේ රුපියල් ලක්‍ෂ හතළිහක වියදමින් ඉදිකළ තනිමහල් දහම් පාසල් ගොඩනැගිල්ල අද (29) සවස සජිත් පේ‍්‍රමදාස මහතා අතින් විවෘත කෙරිණි.

රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතාන මහතා උත්සවය සංවිධානය කර තිබූ අතර එදින සවස 04.00ට ගොඩනැගිල්ල විවෘත කිරීමට නියමිතව තිබුණි නමුත් සජිත් පේ‍්‍රමදාස මහතා එහි පැමිණෙන විට සවස 05.00 පමණ විය.

ශ‍්‍රී සංඛපාල විහාරස්ථානයේ භාරකාර කොකාවල කෝසල හිමි ඇතුළු මහා සංඝරත්නය , සිරිපාල කිරිඇල්ල, පී.අබේනායක, බී.ආරියවංශ යන හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරු සහ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන ඇඹිලිපිටිය නගර සභාව සහ ප‍්‍රාදේශීය සභාවේ සභිකයන් ඇතුළු පාක්‍ෂිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඉන් පසුව පැවැති ජන හමුවේදී සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවැසීය.

‘‘මට දැන් අගමැතිතුමා හදිසි කැඳවීමක් කරලා තියනවා. අග‍්‍රාමාත්‍ය කාර්යාලයට එන්න කියලා . ඒ නිසා උත්සවයේ න්‍යාය පත‍්‍රය හදිසියේ වෙනස් කරලා මගේ කතාව මුලට දාගන්න සිදුවුණා. න්‍යාය පත‍්‍රය වෙනස් කළාට මට හැම දෙනාම සමාවෙන්න යැයි’’ පවසා විනාඩි පහළොවක පමණ කතාවක් කර සජිත් ප්‍රේමදාස මහතා අගමැතිවරයා හමුවීමට කොළඹ බලා පිටත්ව ගියේය.

 



අදහස් (6)

ඇඹිලිපිටියේ සිටි සජිත්ව හදිසියේම කොළඹට කැඳවයි

Chamara Thursday, 29 August 2019 03:41 PM

ජනපති සජිත් තමා.

:       265       112

BamunuarachchiFriday, 30 August 2019 09:52 AM

දවල්ද?

:       0       1

BamunuarachchiFriday, 30 August 2019 09:54 AM

මොන සුදුසුකමකටද? විස්තර කීවොත් අපිටත් එයාට ඡන්දය දෙන්න.

:       0       0

Nandalal DE SILVA - France Thursday, 29 August 2019 03:50 PM

මොකොද දන්නේ නැහැ අගමැතිතුමා සජිත් හදිසියෙම ගෙන්වුවේ? රිදී බන්දේසියක තබා ජනාධිපති තනතුර වෙනුවෙන් ඉදිරිපත්වෙන ලෙස ආයාචනය කරාද දන්නේ නැති නිසයි අහන්නේ..... ජනාධිපති වෙන්න ඉන්න සජිත්, රනිල් මැතිතුමා හමුවෙන්න කොළඹ ගියේ උඩින්ද? එහෙම නැත්නම් පොලිස් නලා සද්දේ දමමින් මහ මග බ්ලොක් කරමින් කාර් රේස් දුවනව වගේ ගියාද?

:       1       21

Gamarala Friday, 30 August 2019 02:14 AM

මොකද ගැටුමකින් තොරව ගොඩින් බෙර ගන්න හිතුවද? ඉස්සර වගේ කරන්න බැරිවග දැන් තේරෙනවනේ.

:       13       4

Dulip Wedaarachchi Friday, 30 August 2019 09:52 AM

සජිත් නම් නැතත් අපිට කමක් නෑ. ජලනි ආර්යාව අාවොත් අපිට ඇති!!!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site