IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ඇඹිලිපිටියේ තවත් ගෑස් ලිපක් පුපුරයි

(අජිත්ලාල් ශාන්තඋදය  සහ  ජයන්ත නානායක්කාර)

පැය විසි හතරකදී  ඇඹිලිපිටිය පොලිස් වසමෙන් දෙවන ගෑස් ලිපත් පුපුරායාමේ සිද්ධියක් අද ( 30)  වර්තා වූ බව ඇඹිලිපිටිය පොලීසිය කියයි.

ඇඹිලිපිටිය කණබැදිආර, කුඩා බෝධිය අසල අබේවර්ධන කුලරත්න මහතාගේ නිවසේ මුලුතැන්ගෙයි  ගෑස් සිලින්ඩරයට සම්බන්‍ධකර තිබූ  ගෑස්ලිප මෙසේ පුපුරා ගොස් තිබෙන බව ද පොලීසිය පැවසුවේය.

 වසමේ ග්‍රාම නිලධාරීවරිය විසින් පොලීසියට මේ බව දන්වා තිබූ බවත් පොලීසිය  එහි ගොස් පරීක්‍ෂණ පැවැත් වූ බවත් පොලිසිය පැවසුවේය.

සිද්ධිය ඇසින් දුටු ගෙහිමි කාන්තාව වූ චන්‍ද්‍රිකා මුතුකුමාරි මහත්මිය මෙසේ පැවසුවාය.

‘මම එළවලුව ලිපේ තියලා කිරිටික දාලා වත්තට ගියා. දරුවා පොල්ටික ගගා හිටියා. එයා පොල් ගාලා ඉවරවෙලා එළියට ආවා. එකපාරම කුස්සිය පැත්තෙන් සද්දයක් ආවා. ශබ්දය මොකක්ද බලන්න දරුවා කුස්සිය පැත්තයට ගියා. එයා අම්මේ ඉක්මනට එන්න ලිප පුපුරලා කියලා මට කතා කළා. මම ටක් ගාලා ගිහිං ලිප නිව්වා. ලිප නිවුනා. වීදුරු කටු හතර වටේම වීසිවෙලා තිබුණා.’

‘දරුවා ඉඳලා එළියට ගියා විතරයි. කාවටවත් හානියක් වුණේ නෑ. ගිනි ඇවිලෙන්න ඉස්සර වෙලා මම ලිප නිව්වා. මහත්තයා ගෙදර හිටියේ නෑ. කෝල් කළාම මහත්තයා ආවා. එයා සිලින්ඩරය ගලවලා අයින් කළා. සිලින්ඩරයට සබන් වතුර දැම්මාම පෙනවගේ එනවා. එළියෙන් තිබ්බත් සිලින්ඩරයෙන් සූගාන ශබ්දය අඩි හතරක් පහක් දුරට පවා දිගටම ඇහුණා.’

 

 



අදහස් (3)

ඇඹිලිපිටියේ තවත් ගෑස් ලිපක් පුපුරයි

sharm warn Tuesday, 30 November 2021 05:04 PM

‘‘ඒ ඉතින් ලිපනේ පුපුරලා තියෙන්නේ... ගෑස් සිලින්ඩරේ පිපුරුවේ නැහැනේ...‘‘

:       5       2

චන්දනTuesday, 30 November 2021 06:26 PM

ප්‍රවෘත්ති වාර්තාකරණයේදී එය මහජනයා නොමග යවන සුළු නොවන ආකාරයට විය යුතුයි. මේවායේ පුපුරන්නේ සිලින්ඩරය නොව ලිපෙහි ගෑස් බටය සම්බන්ධ වන තැන හෝ එවැනි ස්ථානයක්... එ් නිසා සිලින්ඩරය පුපුරයි කියන එක ජනතාව අනවශ්‍ය භීතියට පත් කරන ආකාරයේ එකක්...

:       0       0

Rasika Wednesday, 01 December 2021 06:45 AM

අපේ ගැස් ලිපෙත් වීදුරුව පිපිරුණා අවුරුදු දෙකකකට කලින්. වීදුරුව පිපිරිමට ගෑස්වල සම්බනධයක් නැත

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 302 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 417 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site