(අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)
ඇඹිලිපිටිය සිට කොළඹ බලා ධාවනය වන බස් රථ සේවකයින් අද (22) අලූයම සිට බස් ධාවනයෙන් ඉවත්ව වැඩ වර්ජනයක් අරඹා තිබේ.
මෙම වර්ජනයට ලංගම බස් සේවකයෝ සහ රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ පෞද්ගලික බස් රථ සේවකයෝ ද එක්ව සිටිති.
කොළඹ සිට මොණරාගල බලා ධාවනය වන බස් රථ සේවකයෙක් කොළඹ - ඇඹිලිපිටිය බස්රථ රියදුරෙකුට පහරදීමට විරෝධය පාමින් කොළඹ සිට මොනරාගල බලා ධාවනය වන සියලූම බස් රථ පැල්මඩුල්ලෙන් බළන්ගොඩ බෙරගල, වැල්ලවාය හරහා ධාවනය කරන්නැයි ඉල්ලමින් මෙම බස් ධාවන වර්ජනය අරඹා ඇත.
පුර්ව දැනුම් දීමකින් තොරව ඇරැඹු මෙම වර්ජනය හේතුවෙන් රජයේ සහ පෞද්ගලික රැකියා සඳහා යන පිරිස්, වෛද්‍ය සායන සායනවලට යන රෝගීන්, වෙනත් අවශ්‍යතා සඳ හා යන පිරිස් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුලූ විශාල පිරිසක් මේ හේතුවෙන් දැඩි අපහසුතාවට ලක්ව ඇත.
ඇඹිලිපිටියෙන් කොළඹ බලා දිනපතා පෞද්ගලික බස් රථ තිහක් පමණ ද රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ දිනකට පෞද්ගලික බස් රථ හැට දෙකක් පමණ ගමන්වාර පවත්වයි.
මීට අමතරව ලංගම බස් රථ ද ඒ අතරවාරයේ ගමන් වාර පවත්වයි. වැඩ වර්ජනය ඇරඹි අද (22) සඳුදා දිනයක් වීම හේතුවෙන් විශාල මගීන් පිරිසක් ගමනගමන පහසුකම් නොමැතිවීමෙන් ගැටලූ රැසකට මුහුණ දුන්හ.
මෙම වැඩ වර්ජනය සම්බන්‍ධයෙන් සබරගමු පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී අයි.එච්. අනුරුද්ධ බණ්ඩාර මහතාගෙන් විමසු විට ඔහු පැවසුවේ මෙවැනි බස් වර්ජනයක් ගැන තමන්ට ද ආරංචි වූ නමුත් ඒ පිළිබඳ නිල දැනුම්දීමක් වර්ජකයින් විසින් සිදුකර නොමැති බවයි.

COMMENTS
බස් රථ සේවකයෙක් කොළඹ - ඇඹිලිපිටිය බස්රථ රියදුරෙකුට පහරදීමට විරුද්ධව කල යුත්තේ පොලිසියට පැමිණිලි කිරීමයි. මේ අතරේ මගී ප‍්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී බලාගෙන ඉන්නවා තමන්ට ඒ පිළිබඳ නිල දැනුම්දීමක් වර්ජකයින් විසින් සිදුකර කරන කම්. පහරදීම කර ඇත්තේ පුද්ගලික බස් වලට නම් මොකටද ලංගම එකට යන්නේ? මේ හැම දෙයින්ම පෙන්නේ බස් මගීන් ගැන කිසිම ගානක් නැති බවයි.
පුද්ගලික බස් කියන්නේ කොහොමත් ආණ්ඩුවටත් වඩා බලයක් පෙන්වන කට්ටියක් නේ. ඔය දවස් 2 ඉදල නිකම්ම වැඩ වරුම නැවතී වී. ජනතාවට සලකන්නෙත් බල්ලන්ට වගේනේ. අනේ මෙමෙමත් පොදු සේවයක්.
වෛද්‍ය, දුම්රිය, දැන් ලංගම සහ පෞද්ගලික බස් සංගම්, මේ සේරම ප්‍රාණ ඇපයට ගන්නේ දුප්පත් සාමාන්‍ය ජනතාවයි.. අර බස්රථ රියදුරෙකුට පහරදීම සම්බන්ධව පියවර ගන්නවා වගේ මෙම වැඩ වර්ජනයට සම්බන්ධ අයටත් නීතිමය පියවර ගේන්න ඕනේ..
බස් රථ රියදුරෙකුට පහරදීල තිබෙනවාන ගුටි කෑ මිනිහා පොලිස්සියට ගොස් බේරගත්තාවේ.
කවදද මේක ඉවර වෙන්නෙ