(තිළිණි ද සිල්වා)
ඇමෙරිකාවේ කැලිෆෝනියාහී නගරබද ප‍්‍රදේශයකදී සිදුවූ මංකොල්ලකෑමකදී වෙඩි ප‍්‍රහාරකට ලක්ව ඒ අසළ සිටි ශ්‍රී ලාංකිකයකු මියගොස් ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි වියේ පසුවූ ජනත් ලියනගේ නමැත්තෙකි. මොහු කාලයක පටන් අමෙරිකාවේ පදිංචි අයෙකු යැයිද පැවසේ.
එම ලාංකිකයා කැලිෆෝනියාහී ඔක්ලන්ඞ් නගරබද ප‍්‍රදේශයේ 20වැනි මාවතේදී සිදුවූ සොරකමක් අතරතුර වෙඩිවැදීමෙන් පසුගිය 25 වැනිදා බරපතල තුවාල ලබා ඇතැයිද එම තානාපති ආරංචි මාර්ග කියා සිටී.
පසුව ඔහුව කඩිනමින් රෝහල් ගත කිරීමට එරට ආරක්ෂක සේවා නිලධාරීහු පියවර ගෙන තිබුණි. රාත‍්‍රි 11.14ට පමණ ඔහුට වෙඩි වැදී තිබූ අතර ඒ සම්බන්ධයෙන් ඇමෙරිකා ආරක්ෂක අංශ පරීක්ෂණ පැවැත්වූහ.
කැලිෆෝනියා හි රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලැබූ ඔහු ඊට පසුදින අලුයම මිය ගියේය.
වෙනත් පෙදෙසක පදිංචිව සිටින මෙම තැනැත්තා මෙම ස්ථානයට ගියේ ඇයිද යන්න මෙතෙක් තහවුරු කරගෙන නැතත් , මිය යන විට ඔහු සිය වාහනය ඉදිරිපසසිට ඇති බවත් සොරකම කර පලායන්නන් ඔහුට වෙඩිතබන්නට ඇති බවත් එරට පොලිසීය සැක පල කර සිටී.
කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයාට වෙඩි තැබූ ඝාතකයා සොයාදෙන අයකුට මුදල් ත්‍යාගයක් පිරිනමන බව ඇමෙරිකා පොලීසිය මේවනවිටත් නිවේදනය කර ඇති අතර සැකකරුවන් සොයා පොලිස් විමර්ශන තවදුරටත් ක‍්‍රියාත්මකය.

COMMENTS
ඉරාකය සහ ඇෆ්ඝනිස්ථානය ඇමරිකාවට වඩා ආරක්ෂා සහිතයි.
ඕක්ලන්ඩ් කියන්නේ ඇමෙරිකාවේ මිනීමරුවන්ගේ අගනුවරටයි. රාත්‍රී 11:30ට පමණ තම වහනය ළඟ සිටගෙන ඉන්න එක අවදානම්. සමහර හොර කල්ලිවලට බැඳෙන්න කෙනෙක්ව මරන්නම ඕනෙලු... පොලිස් නිලධාරීන් වුණත් රාත්‍රීකාලයේ තමන්ගේ ස්ථානයෙන් පිටතට යන්නේ ඔයවගේ දෙයක් සිදුවීමෙන් පසුවයි. වසර 10ක් මේ රටේ ඉන්න කෙනා මේ ගැන නොදන්නා එක පුදුමයක්...
තමන් වැරද්දක් කලත් ,නොකලත් , වැරදි තැනක ,වැරදි වෙලාවක යමෙක් සිටියානම් මෙවැනි දේවල් සිදුවෙනවා. මෙවැනි සිදුවීම් ඊයෙත් , අදත් , හෙටත් නොකඩවාම සිදුවෙයි. යමක් වෙන්නට තියෙනවනම් ( හොඳ හෝ නරක ) එය වෙනවාමයි.. එයට තැනක් ,නොතැනක් රටක් අදාල වන්නේ නැත.
කෝ මේ චානක් ලොස් ඇංජලීස්? ඒකත් රාජපක්ෂලාගේ වැඩක් කියයි ද දන්නේ නෑ.
ලංකාවෙ රහස් පොලිසියට බාර දුන්නනම් දවසින් මිනීමරුව සොයාගනියි. අපේ නිලධාරීන් ගොඩක් දක්සයි. ඒත් ඔවූන්ට ස්වාධීනව වැඩකරන්න නිදහස නෑ.
කසුන් ... පිස්සුද වැරදිලාවත් එම වෙඩික්කරුවන් එක්තරා ජාතියකට අයත් අය නම් කිසිදාක සොයාගන්නේ නැහැ. හැබැයි සිංහල අය නම් පැය 24න් හොයගනී.
ලොස් ඇංජලීස් තමා වෙඩි කාල මැරුනේ.. වීසා හදලා දුන්නේ රනිල් මහත්තයා... තව දුරටත් යූ.එන්.පීය වෙනුවෙන් කොමෙන්ට් දාන කෙනෙක් අඩුවුණා.
මේ ලොස් ඇන්ජලිස් ලංකාවේ වගා කරන්න බැරිද? අපිට කෝ මේ චානක් අම්මපා...
මිනිහා පොලොස් ගේන්න මාර්කට් ගිහිල්ලා... මාලඹේ ඇන්ජලිස් පාරේ ඉන්නේ...
මාස 6ක් වත් ඕනෑ.. එ්ත් මේ ආණ්ඩුව තිබුණොත් කපේට බැහැ.