IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඇමෙරිකාවේ වයිරස ආසාදිතයන්ගේ ගණන ලක්ෂ 30 ඉක්මවයි

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ලක්ෂ 30 ඉක්මවා ගොස් ඇත.

ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වන අතරඑරට ප්‍රාන්ත රැසකින් මේ වනවිට වාර්තා ගත අයුරින් නව ආසාදිතයන් වාර්තා වෙමින් තිබේ.

ඇමෙරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයෙන් දෛනිකව වාර්තා ගත අයුරින් නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තාවෙමින් තිබෙන අතර එම ප්‍රාන්තයේ දැඩි සත්කාර ඒකක ඇඳන් ද රෝගීන් සඳහා ප්‍රමාණවත් නැතැයි වාර්තා වේ.

පසුගිය සති දෙකක කාලයේදී ඇමෙරිකාවේ ප්‍රාන්ත 30කට ආසන්න සංඛ්‍යාවකින් දෛනිකව වාර්තා වනආසාදිතයන්ගේ ගණන ඉහළ යමින් තිබේ.

මේ තත්ත්වය හේතුවෙන් නව කොරෝනා වයිරසය රට තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීමට බලධාරීන් අසමත් වී ඇතැයි දඇමෙරිකානු මාධ්‍ය පෙන්වාදෙයි.

කැලිෆෝනියා, හවායි, අයිඩහෝ, මිසුරි, මොන්ටානා, ඔක්ලහෝමා සහ ටෙක්සාස් යන ප්‍රාන්තවලින් අඟහරුවාදාදිනයේදී වාර්තා ගත අයුරින් නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා විය. 

එයින් ද වැඩිම ආසාදිතයන් ගණනක්වාර්තා වූයේ ටෙක්සාස් සහ කැලිෆෝනියා ප්‍රාන්ත වලින් වන අතර එම ප්‍රාන්තවලින් අඟහරුවාදා දිනයේදී වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 10,000 ඉක්මවා ගොස් තිබිණි. 

පසුගිය සතියක කාලයේදී ඇමෙරිකාවේ ප්‍රාන්ත 24කින් වාර්තා වූනව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණනේ, අනුපාතය ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇත.

ටෙක්සාස් ප්‍රාන්තයේ, වයිරසය ආසාදනය වී රෝහල් ගත කරන සංඛ්‍යාව පසුගිය සතියේදී දෙගුණයකින් වැඩි වී ඇත.

මේ තත්ත්වය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ අති විශාල පිරිසක් ‘කොවිඩ්-19’ පරීක්ෂණවලට යොමුවෙමින්සිටිති. මේ තත්ත්වය හේතුවෙන් ‘කොවිඩ්-19’ පරීක්ෂණ කිරීම සඳහා තවත් මධ්‍යස්ථාන ස්ථාපිත කරන බව ඇමෙරිකාවේ සෞඛ්‍ය සහ මානව සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අයුරින් කොවිඩ්19 පරීක්ෂණවලට යොමු වීම සඳහා හූස්ටන් නගරයේ විශාල පිරිසක් සිය මෝටර් රථවලින් පැමිණ සිටිඅයුරු දක්නට ලැබිණි. එසේ පැමිණි අයගේ මෝටර් රථ 200කට ආසන්න පොලීමක් ද තිබිණි. පොලීමේ ඉදිරි ස්ථානයක්ලබාගැනීම සඳහා ඇතැම් පිරිස් පෙරේදා රාත්‍රියේ එම ස්ථානයට පැමිණ සිටි බව ද වාර්තා විය.

රොයිටර්

055



අදහස් (0)

ඇමෙරිකාවේ වයිරස ආසාදිතයන්ගේ ගණන ලක්ෂ 30 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site