(ඩයනා උදයංගනී)
ඉස්ලාම් අන්තවාදය මැඞීමට සහය දෙන බව කියමින් ශ්‍රී ලංකාව තමන්ගේ යුද තිප්පොළක් බවට පත්කරගැනීමට ඇමෙරිකාව උත්සාහ කරන බවත්, එයට ඉඩ නොදී අපේ රණවිරුවන් ශක්තිමත් කර එම අන්තවාදය මැඞීමට රජය පියවර ගත යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා පැවසීය.
ඇමෙරිකානු එෆ්.බී.අයි, එම්.අයි 5 වැනි ආරක්‍ෂක අංශ මෙරටට පැමිණීම තුළින් ශ්‍රී ලංකාව සිරියාවක්, ලිබියාවක් හෝ ඇෆ්ඝනිස්ථානයක් විය හැකි බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදය පැවති සමයේ ශ්‍රී ලංකාවට සහය නොදුන් ඇමෙරිකාව දැන් සහය දක්වන්නට යාමේ යටි අරමුණ වටහාගත යුතු බවද සමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේදී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ලොව බිහිසුණුම ත‍්‍රස්තවාදය වූ කොටි ත‍්‍රස්තවාදය පරාජය කළේ මෙරට හමුදාවන් මිස එෆ්.බී.අයි නොවන බැවින් ඇමෙරිකානු ආරක්‍ෂක අංශවල අවශ්‍යතාවක් මෙරටට නොමැති බවද හෙතෙම පැවසීය.
COMMENTS
අනේ නිකන් ඉන්න මහත්තයෝ, රැවුල ගිනි අරගෙන තියෙන වෙලාවේ සුරුට්ටු පත්තු කරන්න එන්නේ නැතුව... සිංහල ගිහි, පැවිදි කවුරුත් කොල, නිල්, රතු, තැඹිලි ආදි පක්ෂ, පාටවලින් අන්ධ වී සිටින තුරු අන්තගාමීන් දිනනු ඇත. මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් නෑරෙන අපේ සිංහලයන්ගේ හා හාමුදුරුවරුන්ගේ ඇස් කිසිදා නෑරෙනු ඇත. අපේ අයගේ මේ පාට කණ්ණාඩි ගලවන්න පුළුවන් වුනොත් බස්නාහිරින් ඉර පායයි. කණගාටුව නම් හාමුදුරුවරුත් ඉන්නවා ඒ අතර.
ඔය තිප්පලට වඩා මැරුණු අයව බේරාගන්න විදිය ගැන උනන්දු වුණානම් මේ මහතා වටිනවා. හැම දේකටම බටහිර කුමන්ත්‍රණේ, කෙලලා දානකල් දන්නේ නැහැ.
ඔන්න විමල්ගේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ආයෙත් ඇවිල්ලා... මෙයාලගේ ගරු ගෝඨාභය ඇමරිකාවේ පුරවැසියෙක්නේ ඉතින්... ඇමරිකාවට ලේසියෙන්ම ලංකාවම තිත්පොලක් කරගන්න පුළුවන්නේ ගොඨාභය ජනාධිපති වුනොත්... දැන් පුළුවන් නම් කටඇරලා කියන්න බලන්න ගොඨාභය එපා.. එයත් ඇමරිකන් කියලා... විමලේ කෝ මේ විමලේ..?
මේක නම් මහා විකාරයක්...
ඇමෙරිකාව එන්නේ සහය දෙන මුවාවෙන්.. ලංකාවේ යුද තිප්පලක් හදාගන්නයි’ ඇමෙරිකාව ඇතුළු බොහෝ යුරෝපිය රටවල් යනු ලෝකයේ සියලු රටවල තිබෙන්නාවූ ත්‍රස්තවාදය සම්බන්ධව මනා අවබෝධයක් ඇති රටවල්ය. සෑම රටකම තිබෙන්නාවූ ත්‍රස්තක්‍රියා සමබන්ධව මැදිහත්වීම තුළින් ඔවුන්ට විවිධාකාර වූ පළපුරුද්දක් තිබේ. එමනිසා යමක් දන්නා පුද්ගලයින්ගෙන් උපදෙස් ගැනීම වරදක් නොවේ. ඔබලා මොනවා දැනගෙන කතා කරනවද කියා ඔබලාවත් දන්නේ නැත. නමුත් ඔබලා වැනි ලංකාවේ බොහෝ දෙනෙක් සිතා සිටින්නේ සියල්ලදත්ලා මෙනි.
කොහොමත් මේ ගොල්ලන්ගේ ළඟ තියෙන්නේ කුමන්ත්‍රණ තියරිය විතරයි. මොන දේ රටේ වුනත් මේ මිනිසුන්ට ඒක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්... අර තැඹිලි බීලා මැක්ඩොනල් කාලා උපවාස කලෙත් මේ ගොල්ලෝලු නේද? අන්තිම මන්ත්‍රය තමයි කුමන්ත්‍රණ බඩ වඩා ගැනීම...
මෙතුමාගේ දේශපාලනය මට අදාළ නැත. නමුත් මෙතුමා කියන දේ 100% හරි අයිසිස්, අල්කයිඩා වැනි සංවිධාන ඇති කරනු ලැබුවේ ඇමෙරිකා, ඊස්‍රායල් රටවල වුවමනාවට බව ඕනෑතරම් සාක්ෂි වාර්තා වී ඇත.
මේ මිනිස්සුන්ගේ බයේ තරම පේනවා. හැබැයි ළමයි ඉගෙනගන්න ඒ රටවලට යවන්න නම් හොඳයි.
ඇමෙරිකාවට ලංකාව යුද තිප්පළක් කරන්න කිසිම වුමනාවක් ඇත කියන එක බොරුවක්... ලංකාවට දකුණෙන් පිහිටි Diego Garcia දුපතේ අතිවිශාල කඳවුරක් තිබෙන වග දන්නේ නැද්ද? එම කඳවුරේ අහසට පිවිසෙන යුද ගුවන් යානයක රෝද හකුලාගන්න සූදානම් වෙනකොට ලංකාව ලඟටම පිවිසෙන්න හැකියාවක් තිබෙනවා. ඒ විතරක් නොවේ ප්‍රහාරක යානා ගෙනයන නෞකා කිහිපයක ඉන්දියන් සාගරයේ සැරිසරන නිසා ලංකාවේ තිප්පොළක් අවශ්‍ය කියන කතාව ලංකාවටම තමයි හොඳ...
ඔබ හරියට කරානම් කවුරුවත් ගෙන්වන්න ඕනේ නැහැ. ආණ්ඩුවේ පින්බත් නොකා ගෙදර ගිහින් වෙන රස්සාවක් හොයාගෙන කරව්...
කට තියපු පලියට දොඩවන්න අප. අපිට දැන් ආරක්ෂාව ඕනේ.
මේගොල්ලෝ කිව්වොත් හරියටම හරි. මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තුවට එවපු මිනිසුන්ගේ මොලය පරික්ෂා කරන්න ඕනි.
කල දුටු කල වල ඉහ ගන්න හදන්නේ. ප්‍රබාකරන් අල්ලන්න උදවු වෙන්නත් ආවා හැබැයි ගුවන් තොටුපළෙන් මෙහාට ගන්නේ නැතුව හරවා යැවුවා.
අනිවාර්යෙන් ඇමෙරිකාවෙන් එන්න ඕනේ. යුධ තිප්පලක් බැරි නම් ඇමෙරිකානු දුපතක් කරත් කමක් නැහැ ඔයාල වගේ නැතුව.
හපොයි කටවල්...
කට තිබුණු පලියට පිස්සු කියවන්න එපා...
ශාරිය විශ්වවිද්‍යාල විල්පත්තුවේ පදිංචි කිරීම් කලේ මෙයාල කොහෙදසිටියේ. ලොක්කට වගේම මෙයලටත් ජාත්‍යන්තර කුමන්ත්රණ භීතිකාව
මේ අයට කවදත් තියෙන්නේ ඇමෙරිකානු භීතිය. ඒ වුනාට මේ අය ලංකාවේ දේශපාලනේ හෝ රටේ ඉන්නවාද කියාවත් ඇමෙරිකාව දන්නේ නැහැ. දැනගන්න ඒ මිනිසුන්ට උවමනාවක්ද නැහැ. මේ රටේ දේශපාලනයේ සිටින සමහර දෙනා තමන්ගේ වාසිය සඳහා හරිහැටි වග විභාගයක් නොමැතිව විකාර කියවනවා.
එතකොට අර ගිවිසුමක් ගැහුවේ මොකද ?
අපේ රට බේරා ගත යුතුව ඇත්තේ ඔබ වැනි අපේ මිනිසුන්ගෙනුයි!
දන්න දෙයක් ගැන කතා කරන්න...මේ වගේ අය ආරක්ෂාව ගැන බලපු නිසා තමයි මේ වගේ තත්වයක් ඇති වුනේ..
පොඩ්ඩක් වාසුගෙන් අහල කියන්න ඇමෙරිකාවේ කවුද ඉන්නේ කියල දිනේෂ්ගෙන් අහල බලන්න යූකේ වල කවුද ඉන්නේ කියල. මිනිස්සු මුලාකරන්නේ මේවගේ අය තමයි.
ජාත්‍යන්තර සහය අවශ්‍යයි