මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර රැසක් ජනතාව අතරට ගොස් ඇතැයි ද ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලැබෙන ඩොලර් මිලියන 480ක ප්‍රදානය (ආසන්න වශයෙන් රුපියල් බිලියන 86) නොලැබුණහොත් ඉන් පාඩු සිදුවන්නේ ඇමෙරිකාවට නොව ශ්‍රී ලංකාවට යැයි ද මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.එස්. සමරතුංග මහතා පැවැසීය.
දේශපාලනඥයන් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් අසත්‍ය, අතාර්කික සහ ද්වේෂසහගත ප්‍රකාශ සිදු කර ඇතැයි ආචාර්ය ආර්.එච්.එස්.එස්. සමරතුංග මේ බව සඳහන් කළේය.
මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.එස්. සමරතුංග මහතා එම කරුණු කීය.
එහිදී අදහස් දැක්වූ සමරතුංග මහතා මෙසේ ද කීවේය.
“එම්.සී.සී. ගිවිසුම යටතේ අපට ලැබෙන්නේ ණයක් නෙමෙයි ප්‍රදානයක්. ශ්‍රී ලංකාව නැවත ඊට ගෙවීමක් කළ යුතු නැහැ. එය ඇමෙරිකාවේ බදු ගෙවන්නන්ගේ සල්ලි. ඒනිසා ශ්‍රී ලංකාවේ ජනතාවගේ සුබසාධනය සඳහා ශ්‍රී ලංකා රජය එම මුදල් වියදම් කරන්නේ කෙසේදැයි ඇමෙරිකාවට හොඳ අවබෝධයක් තේරුම් ගැනීමක් තිබිය යුතුයි. ඒ සඳහා මහවැලි සංවර්ධන මණ්ඩලය හෝ ගල්ඔය සංවර්ධන මණ්ඩලය වැනි ආයතනයක් පිහිටුවා ව්‍යාපෘතියට අදාළ මුදල් වියදම් කරන ආකාරය කළමනාකරණය කළ යුතුයි. එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් අපි එය කළ යුතු අතරම ගිවිසුමෙන් ද ඒ සඳහා ඉඩ සලසා දී තිබෙනවා.
ගිවිසුමට සම්බන්ධ පාර්ශව දෙකෙන් ඕනෑම පාර්ශවයකට කිසිදු හේතුවක් නොමැතිව දින 30කට පෙර ලිඛිතව පූර්ව දැනුම් දීමක් කරමින් ගිවිසුමෙන් ඉවත් වෙන්න පුළුවන්. එය ගිවිසුමේ හොඳින් සඳහන් වෙනවා.
එම්.සී.සී. ගිවිසුම ගැන උනන්දුවක් දක්වන ඕනෑම පාර්ශවයකින් ගිවිසුම හොඳින් කියවන්නැයි මම ඉල්ලා සිටිනවා. මුදල් අමාත්‍යාංශය ගිවිසුම ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. ඒ වගේම රුපියල් 180කට ඉඩම් දෙනවා කියලා ගිවිසුමේ සඳහන්ව ඇතැයි ඇතැම් පාර්ශව කියනවා. ශ්‍රී ලංකාවේ ආරක්ෂාව අනතුරේ හෙළමින් ඇමෙරිකාව එම ඉඩම්වල හමුදා කඳවුරු හදන්න සූදානම් වෙනවා කියලා ඇතැම් නිලධාරීන් කියනවා. එවැනි කිසිවක් මේ ගිවිසුමේ නැහැ.
මෙරට ආර්ථික වර්ධනයට බාධා එල්ල කර තිබෙන කරුණු දෙකකට විසඳුම් සෙවීමේ අරමුණින් තමයි මේ ගිවිසුම සකස් කර තිබෙන්නේ. ගිවිසුම ප්‍රවාහන ව්‍යාපෘතිය සහ ඉඩම් ව්‍යාපෘතිය යන කොටස් දෙකෙන් සමන්විත වෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ශක්තිමත් කිරීමත් ප්‍රගතියක් අත්පත් කරගැනීමත් අරමුණු කරගනිමින් සහ දරිද්‍රතාව අඩු කිරීමේ අරමුණින් මේ ව්‍යාපෘතිය සකස් කර තිබෙනවා. ආර්ථික වර්ධනය ළඟා කිරීමටත් දරිද්‍රතාව අඩු කිරීමටත් මේ ව්‍යාපෘතිය ඉතාම වැදගත්. මේ ව්‍යාපෘතිය අවශ්‍ය නැත්තේ කාටදැයි කියන ප්‍රශ්නය මට තියෙනවා. මෙය ඇමෙරිකාවෙන් ලැබෙන පරිත්‍යාගයක් වගේම විශාල ව්‍යාපෘතියක්. එයින් ප්‍රතිලාභ ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ ජනතාවට. එවැන්නක් ඕනෑ නැහැ කියන්නේ කාටදැයි කියන ප්‍රශ්නය මට තියෙනවා.
දේපළ සම්බන්ධ, විශේෂයෙන්ම ඉඩම් ඔප්පු සම්බන්ධ ලියකියැවිලි තවමත් තිබෙන්නේ දුර්වල මට්ටමක. ඒවා පවත්වාගෙන යන්නේ ඉතාම දුර්වල මට්ටමක. ඒ ලියකියවිලි සොරකම් කරන්න පුළුවන්, ගිනි තබන්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන් සහ වංචා වීමේ වංචා කිරීමට ඇති ඉඩකඩ ඉතාම වැඩියි. ඒ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා එම්.සී.සී. ගිවිසුමෙන් අරමුදල් ලැබෙනවා. මේ ලියකියවිලි ස්කෑන් කර ඩිජිටල්කරණය කර පරිගණකගත කරනවා.
මේ ලියකියවිලි ආරක්ෂිතව පරිගණකගත කර, ඩිජිටල්කරණය කර ඩිජිටල් ආකාරයට ලේඛන ගත කරනවා. ඒවා ආරක්ෂිතව තැබෙන අතර අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී භාවිත කිරීමට හැකි වන පරිදි පරිගණක ආශ්‍රයෙන් සම්බන්ධ කරනවා”.
ඬේලිමිරර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් දේශපාලකයාට වුවමනා විදියට කහින්න. ඊට පස්සේ නඩුවලදී හිරේයන්න. රාජ්‍ය සේවකයන් හිරේයන්නේ පිට කොන්දක් නැතිව වැඩකරන නිසා...
ඔය කියන විදිහට ඕවා පරිගණකගත කළහම ලංකාවේ අස්සක් මුල්ලක් නෑර සියලු දේම සිතියම් ගතවෙලා තිබෙන නිසා ඇමරිකාවට හෝ ඔවුන් කැමති පාර්ශවයකට මේවා බලන්න පුළුවන්.මේක අපේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේද ?
රජය විසින් මෙම ගිවිසුම සම්බන්ධයෙන් පූර්ණ දැනුවත් කිරීමක් කරන්නේ නම් මේ කටකතා පැතිර නොයනු ඇත.
එකත් හරි මෙයාගේ පක්ෂයට අනුව.....
ඉතින් ඕක ඔච්ච්ච්ර සරල , ලංකාව ගොඩ යන එකක් නම් ඕක අපිටත් පෙන්නන්නකෝ. අන්තර්ජාලයේ දාන්නකෝ අපිටත් බලන්න. එහෙම නැත්නම් පත්‍රිකා ටිකක් බෙදල දාන්නකෝ. නිකන් මෝඩයෙක් වගේ මේකේ වරදක් නැහැ වරදක් නැහැ කියා කියා යන්නේ. පිස්සුද කොහෙද?
ලෝකෙ කරකැවෙන හැටි තේරුම් ගන්න බැරි ඇයො අදත් ඉන්නවා
ඩොලර් වලට ඔච්චර කෑදර මොකද. රට ගැන සිතන්න බැරි අයට සල්ලි වටිනවා.
නිකම්ම මුදල් ලැබෙනවා නම් එය ලොතරැයියක් ඇදුනා හා සමානය එහි කිසිදු තර්කයක් නැහැ. අප පළමුව මෙම නිලදාරියාගේ පවුල් පසුබිම හා වත්කම් බැරකම් සොයා බැලීමෙන් මේ කියවන්නේ තමන්ගේ උපන්බිමට ආදරේටද නැද්ද යන්න පහසුවෙන්ම සොයා ගතහැක. උගත් ආචාර්යවරයෙකුට (නිදහස් අධ්‍යාපනයෙන් පලප්‍රයෝජන නොගෙන තම පුද්ගලික ධනය වැයකර ඉගෙනගත් කෙනෙකු විය හැකියි ) ඇමරිකන්කාරයෝ කිසිදුවිට තම කපටි අදහස් යටිසිතෙහි සගවාගෙන වෙනත් රටකට මුදල් ප්‍රධානය කරන එක නොතෙරිමම පුදුමයකි. ඇමෙරිකානුවන් විසින් තම අරමුණු වෙනුවෙන් විනාශ කල සහ විනාශ කරමින් සිටින ලෝකයේ වෙනත් රටවල් පිලිබදව " මේ ආචාර්යවරයාට නොතේරීම හෝ නොදැන සිටීම " මොහුගේ මෙම ආචාර්ය පට්ටමට ගැලපේද යන්න ඔහු විසින්ම තීරණය කලයුතුය.
ඇමෙරිකානුවන් විසින් මෙතෙක් ලෝකයේ උදව් කල සහ උදව් කරමින් සිටින රටවල්වලට වෙලා තිබෙන දියුණුව සහ වෙමින් පවතින දියුණුව පිලිබදව අවන්කවම සත්‍ය තොරතුරු මෙම පුවත්පතේම ඒ ඒ රටවල් වල නම් සහිතවම ලිපියක් පලකරනමෙන් මෙම ආචාර්යවරයාට අභියෝග කරන්නෙමු. අපගේ මෙම අදහස් මෙම ආචාර්යවරයාට විසින් කියවා බලනු ඇතැයි අප තරයේ විස්වාස කරන්නෙමු.
උගතා සහ බුද්ධිමතා අතර වෙනස පහසුවෙන්ම හදුනා ගැනීමට හැකි හොදම කරුණු ටිකක් සදහන් කිරීම පිලිබදව අප මෙම උගතාට ස්තුති වන්ත වන්නෙමු. අප ඉහලට ඉගෙනගත් කිසිවෙකුට අපහස කරනවා නොවේ. ආචාර්ය, මහාචාර්ය පට්ටම් ලබා ගැනීමට තරම් දැනුමක් අප තුල තිබුනත් අවට පරිසරය පිලිබදව "සාමාන්‍ය දැනුමක් " නැත්නම් ඒ ලබාගත් ආචාර්ය, මහාචාර්ය පට්ටම්වලින් කිසිවෙකුට ප්‍රයෝජනයක් තිබේද ?? මෙම ලිපිය එයට කදිම උදාහරණයකි.
මේ තාක් කල් ගත් ණය ආධාර වලින් උන සංවර්දනය නම් රට දුප්පත් වීමයි. පිනට කන මානසිකත්වය නවත්වමු.
නියම සිංහල මනුෂ්‍යයෙක් නම් ඔය කතාව කියන්නේ නැහැ . රටේ බුද්ධිමත් යයි කියන පිරිසටත් දේශපාලන වහල්භාවය ගැති භාවය තේරුම් ගන්නට බැරි නම් සාමාන්‍ය ජනතාව කෙසේ තේරුම් ගන්නද?
ඇමරිකාව හෙන ආසයි අපිට සල්ලි දෙන්න?
ඇමෙරිකාව මොකටද ඕවා අපිට දෙන්නේ?
නිකන්ම මුදල් ප්‍රදානයක් නම් ගිවිසුමක් මොකටද?
"ඇමෙරිකාව මොකටද ඕවා අපිට දෙන්නේ?" අතුල, බමුණුආරච්චි වැනි අයට හොඳ අධ්‍යාපනයක් ලැබිය යුතු හෝ වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතු සමාජයක් ඇතිවිය යුතුය කියා ඇමරිකාව කල්පනා කරනවා ඇති.
මේ අයට බල්ලෝ මරල හරි කමක් නෑ සල්ලි ලැබෙනවානම්
එදා අපට ආධාර ලැබුනේ කොන්දේසි රහිතව , නමුත් දැන් එක කණපිට , ව්‍යාපෘතියක් සඳහා දෙන ආධාර එය විය යුතු ආකාරය සහ අධීක්ෂණය ඔවූන් විසින් සිදු කෙරේ ඒ අපේ කට්ටිය ආධාර මුදල් නියමෙට ගහන නිසා. උදහරනත් ඕනිද ?
සමරතුංග ඔය කටින්ම කියන්නකෝ ඇමරිකාව අපිට ඩොලර්ස බිලියන හාරසිය අසුවක් දීලා අපේ රට රකින්න එන්නේ ඇයි කියලා ?
ඩොලර් මිලියන 480ක් කියන්නේ රටකට මහලොකු ගානක්ද? ඒ වගේ සුළු මුදලක් වෙනුවෙන්ද මේ කඩිමුඩියේ ගිවිසුමක් අත්සන්කරන්න හදන්නේ?
දීපුවා ඈති. ආයෙත් මොනවත් එපා.
ඇමෙරිකාව මොකද මෙහෙම ආධාර දෙන්නේ? ගිවිසුමක් ගහන්නේ කොන්දේසි තිබෙන නිසා. මේ කොන්දේසි මොනවද ? තමන්ගේ වාසියට රට පාවා දෙන බොරු කතා කියන්නේ මේ ආණ්ඩුව.
මේ නොදන්නා නිසයි අහන්නේ. තවත් ප්‍රසිද්ද පුවත්පතක තිබුනා ඔය මහජනයාට ප්‍රදර්ශනය කර ඇති ගිවිසුමේ පිටු 12 හා 13 නැතිලු? අනික් කාරනාව තමා ඇයි මේ ඒගොල්ලන්ගේ සල්ලි, බලෙන් අපේ ඇඟේ ගහන්න තියන හදිස්සිය කියලා. මොකද ඇමරිකාව දුගී බව සහමුලින් තුරන් කරපු රටකුත් නොවේ. ඇමරිකාවේ මිලියන 38 ක් පමණ (2018) ජනතාව දුගී බවෙන් පෙලෙන රටක්. තම රටේ මිලියන 38ක් බඩගින්නේ තියලා අපේ රටේ මිලියන 22ක් පමණ වන මුළු ජනගහනයටම සෙත සලසන්න හදන්නේ?
ඇයි මේ ඇමරිකාවට ලංකාවෙ එක කලාපෙකට විතරක් ඉඩම් ඔප්පු දීල ඩිජිටල් කරන්න තියෙන රුදාව.? පිටු අසූවක තියෙන්නෙ ඔය ටිකද? ගිවිසුමේ පිටපතක් තේරෙන සිංහලෙන් මහජනතාවට ඉදිරිපත් කරන්න. අපි කියවලා තේරුම් ගන්නම් මහත්තයෝ.
නිකන් දෙන ප්‍රධානයක් ඕනේ නැත්නම් එපා කියන්න, මේකට් ගහගන්න දෙයක් නෑ, ඇමරිකාවේ අපේ බදු වලින් තමයි මේවා දෙන්නේ, ජපානය ඉන්දියාව, චීනේ ජර්මනිය එංගලන්තේ වගේ රටවල් එක එක ව්‍යපෘති වලට සල්ලිදෙනවා, සල්ලිදුන්නට දේශපාලකයෝ ගසාකන හින්ද අධීක්ෂණයට කාර්යාංශයක් දානවා, ජපානයෙන් විදුලිබලයට , ජයවර්ධනපුර රෝහල, පේරාදෙණිය කරාපිටිය රෝහල් , රුහුණු විශ්ව විද්‍යාලේ , වික්ටෝරියා බලාගරේ, රන්ටඹේ රන්දෙනිගල රන්ටඹේ, බලාගාර , රුපවාහිනිය එක එක රටවල් නොමිලේ දීපුවා. කැමතිනම් ගන්න, මොන බැංකුවෙන් සල්ලි ගත්තත් අධීක්ෂණය කරනවා. කොන්දේසි දානවා.
රට වැඩිම විනාස කරන්නේ නුගත් දේශපාලකයා නොවෙයි, උගත් ආත්මාර්ථකාමීන් !
ඇමෙරිකාව කරන්නේ අපේ වගේ උපායමාර්ගිකව වැදගත් රටවල් වලට අතුල් වීම සදහා මේවගේ ආධාර වැඩසටහන් යොදා ගැනිම. ඇමෙරිකාවට ඕනේ මේ අපේ රට හරහා ඉදිරියේ චීනය සමග ඇතිවිය හැකි වෙළද හා යුදමය අර්බුද වල දැන් සිටම සුදානම් වීම. මේ MCC ගිවිසුමේ කිසි දෙයක් මේවා සදහන් කරන්නේ නැහැ. අපිට පෙන්නේ මේ අපිට ආදරේට මේවා දෙනවා කියල. නමුත් ඇත්ත එක නෙවේ. ඇයි ඇමෙරිකා මේ ගිවිසුමට කැබිනෙට් අනුමැතිය ලැබීම ගැන මෙතරම් සතුටු වෙන්නේ. එක එයාලගේ ජයග්‍රහනයක් වෙන නිසා.
නිවැරදිව රාජකාරි ඉටුකළ මගේ මිතුරු රජයේ නිලධාරි කෙනෙකුට ඒ් නිසාම දෝ අදාල අමාත්‍යංශයේ ඇමතිතුමාගෙන් ඇණුම් බැනුම් ඒල්ල වෙන්න පටන් ගත්ත. ප්‍රශ්නය දුර දිග ගිහින් අන්තිමට ප්‍රධාන ලේකම්තුමාටත් පැමිණිල්ල යොමුවුණා. ලේකම්තුමා මිතුරා කැඳවල ප්‍රශ්නය අහල කාරණාව තේරුම් අරන් උපදෙසක් දුන්නා. පිළිතුරු දෙකයි. ඒකක් තමුන් කරන විදිහට නිවැරදිව රාජකාරි කළ හැකි තැනකට ස්ථාන මාරු වී යන ඒක. දෙක ඇමතිතුමා හා සම්බන්ධ වෙලා මිතුරු වෙන ඒක. ඇදි ඇදි යන උතුරේ ප්‍රශ්නයට වඩාත් ප්‍රශස්ත විය හැකි දෙවැනි වෛකල්පිත පිළිතුර තමා (?) මේ ඒම්සීසී ගිවිසුම හරහා අගමැතිතුමා හොයන්න හදන්නෙ. මතකනේ, 2005දි ඒතුමා පැරදුනේ මේ කාරණයම කලින් කියන්න ගිහින් කට වරද්දගෙන උතුරේ ඡන්ද වර්ජනයක් දියත් වුණ නිසා කියලා. පනින්න පෙර හොඳින් සිතා බලමු. ලෙඩ සුව කළාට හැම ඖෂධයකම ශරීරයට බලපාන අතුරු ආබාධ තිබෙනවා.
ආධාර, ණය ප්‍රධාන. මේ මොකක් කිව්වත් දෙන්නේ මුදල් එන්නේ කොන්දේසි එක්ක. කොන්දේසි කාලෙන් කාලෙට වෙනස් වෙනවා. හැබැයි වැඩි වාසිය දෙන රටේ අයට තියාගෙ. මෙච්චර කල් අපිට ආවේ එහෙම ඒවා .. මටත් තියෙන ප්‍රශ්නේ , මේ මුළු රටෙන් ම කිසිම පිළිවෙලක් නැතිව රට හරහට තීරුවක් දෙන්නේ මොන පදනම යටතේ ද? අපේ රටේ රාජ්‍ය ආයතනය ක පරිපාලනය පිළිවෙලක් කර ගන්න තරම් උගත් මිනිස්සු මේ රටේ නැතිද ? මේ ඉඩම් කච්චේරි වල ලේඛන ඩිගිටල් කරන්න තරම් දැනුමක් තියෙන පරිගණක ඉන්ජිනේරුවෝ සිවිල් ඉන්ජිනේරුවෝ මේ රටේ නැහැ කියලද කියන්නේ ? එතකොට අපේ ඉංජිනේරු පීඨ වලින් වාර්ෂික ව උපාධි අරන් එලියට එන ළමයි මොනවද මහජන බදු මුදල් වලින් අවුරුදු 4ක් තිස්සේ කරලා තියෙන්නේ ?? මේ කතාව විහිළුවක් නෙමෙයි ද?
සජිත් ගත්තොත් ඉතාම වැරදියි, නමුත් ගෝඨා ගත්තොත් මේක හොඳයි, මොකද ගෝඨා ඇමරිකන් පුරවැසි කම තිබුනනේ ?
ඉස්සෙල්ලාම කරන්න ඕන මේ වගේ අය ආචාර්යවරු වෙන එක නැවත්වීමයි.
බල්ලෝ මරලා හරි කමක් නැහැ සල්ලි ලැබුනොත්. මේ ආණ්ඩුව සහ ඇමතිවරු ගැන කියලා වැඩක් නෑ.
මේ හුගාක් අය ගිවිසුමේ තියෙන්නේ මොනවද කියලා දන්නේ නැතුව කමෙන්ට් දාන්නේ.
ඇමරිකාවට ලංකාව මොනවටද? ලංකාවෙ තෙල් යුරේනියම් තියෙනවද? අනිත් එක ඇමරිකාවට ඕනනම් ලංකාවට පනින එකත් අමාරු නැහැ කදවුරු දෙකක් නැති නිසා. මොනවා උනත් මේකෙ අරමුණ හොද දෙයක්.
පාඩුවෙන්නේ රටට නොවේ. ඒක දෙනකම් කට ඇරගෙන බලාගෙන ඉන්න ඔහේලා වගේ අයට...
මම නම් දැක්කා මෑත කාලයේදී කාන්තාවන්ට පවා මත්පැන් දී අර කට්ටියගේ මීටින් වල ඉස්සරහින් තියන් ඉන්නවා. ඒ අය කෑ ගහනවා.. ලොක්කා බනිනවා.. මෙතන ලියපු සමහර අයත්, දේවලුත් බැලුවහම ඒ පානයම අරගෙන මේ විදියට ලියා ඇති බවක් නම් පේනවා. රටකට ඔය ඇත්තන් විසින් කරන විනාශය මොනවට පැහැදිලියි නේද අපේ හාමුදුරුවනේ...? මේවා පේනවද මොකද එයා මහජනයාට වඩා අපේ හාමුදුරුවන්ටනේ ආමන්ත්‍රණය කරන්නේ... මිනිසුනි, පවුලක් මේ රටේ ආර්ථිකය කිව් හැටි දන්නේ නැද්ද?
සියල්ලම එකට පටලවා ගන්න ශ්‍රී ලාංකික ජනතාව ACSA , SOFA හා MCC ගිවිසුම අතර වෙනස හඳුනා ගෙන නැහැ. කලින් ගිවිසුම්වල ඇතුළත් රටට අහිතකර කරුණු MCC ගිවිසුම සමග එකට පටලවා ගෙන... ගිවිසුමේ තිබෙන සංවර්ධන සැලසුම් සිතියම පැත්තකට දාලා, ජීවවිද්‍යා ගුරුවරයාගේ අමුතු භූගෝල සිතියමක් ප්‍රචාරය කරනවා. මොනවද මේ විහිලු? ගිවිසුම කළුද, සුදුද කියලවත් නොදැකපු මිනිස්සු විවේචනය කරමින් රට ගිනි තියනවා. ඒ වගේම මේ ගිවිසුම කැබිනට් අනුමැතියකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජය පැහැදිලිව ප්‍රකාශ කොට තිබියදී, සමහරක් මෙය දේශපාලන වාසියක් කර ගැනීමට උත්සාහ දරනවා. නමුත් අපේ රටේ මාධ්‍යයට වගකීමක් තියනවා මේ ගිවිසුමේ අවශ්‍ය කොටස් සිංහලයට පරිවර්තනය කර ප්‍රකාශයට පත් කිරීමට... කොහෙද ඉතින් කෝ එහෙම මාධ්‍යයක් තියනවද අපේ රටේ..?
අනේ යකුනේ, ඕකට ගහමරා ගන්න ඕනෑ නෑ. ඔය දෙන්න හදන සල්ලි ටික අරන් ඊට පස්සේ සද්ද නැතුව ඉන්නවා. එච්චරයිනේ කරන්න තියෙන්නේ... සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි... කවුරු කොහොම මැව්වද මල්ලි... අනුන් අතට යන සල්ලි, යලිත් අතට එන සල්ලි, දෙයියෝ දුන්න බලගතු සල්ලී. හිහ්....හිහ්
මෙතුමා පැහැදිලිව කියනවා ගිවිසුම ඕනෑ කෙනෙකුට බලන්න පුළුවන් කියලා එහෙම තියෙද්දිත් දේශපාලන වාසි තකා එය විකෘතිව මෝඩ ජනයාට ඉදිරිපත් කරන එකෙන් අවාසිය වෙන්නේ රටටමයි. ඒ ගොල්ලන්ට මාටියා ගහන්න බැරිවුණාම මේ ගොල්ලන්ට බනිනවා. මේ ගොල්ලන්ට ගහන්න බැරි වුණාම ඒ ගොල්ලන්ට බනිනවා. මාටියා ගහන්න බැරිවෙන්න තමයි අධීක්ෂණයට ආයතනයක් පිහිටුවන්නේ... එ්කේ ඉන්නෙත් ලාංකිකයින් තමයි. කරුණාකරලා බොරු වලට අහුවෙන්නේ නැතිව ඕක කියවලා තේරුම් ගන්න බලන්න.
ලේකම්තුමා කොන්තරාත්තුවක් අරගෙන වගේ... වැඩේ හරි ගියොත් වරප්‍රසාද වැඩිවෙයි. යන එන මන් නැතුව ඉන්න ආණ්ඩුවට ඉල්ලමක් ඕක... බලන්නේ දඩිබිඩිගාලා මුදල අරගෙන වැඩ පෙන්වන්න ඡන්දේ නිසා. ඵලවිපාක එන්නේ පස්සේ ඒවාට කමක් නැහැ බලය ගැනයි හිතන්නේ... ඇයි සජිත් වේදිකාවක කතා නොකරන්නේ? බලය ආවොත් නිකම්ම අත්සන් කරන්ඩ පුළුවන් එකේ. සියලු දෙනාට කියන්නේ කරුණාකරලා ආයෙත් රැවටෙන්න එපා. අපිව හිඟාකන ජාතියක් කරලා තමයි මේ අය පුරසාරම් දොඩවන්නේ... අපි වගේ වගක් නැතුව ඉන්න එපා. මේ කට්ටිය වසර 5ක් අපිට අපේරටට කරපු දේවල් වලින් හෙම්බත් වෙලා තවත් දෙන්න වටිනවද? දෙවරක් හිතන්න.
මේ සියලු අදහස් කියවලා බැලුවම පැහැදිලිවම පෙනෙන දෙයක් තමයි මෙම ගිවිසුම කියවපු අය නැහැ. එහෙම නැත්නම් ඉතාම අඩුයි. මෙච්චර කෑ කෝ ගහන්නේ නැතුව අර මුදල් අමාත්‍යාංශයේ වෙබ් පිටුවට ගිහින් මෙම ගිවිසුම මොකද්ද කියල කියවලා බලන්න. එතකොට තේරේවි එක එක දේශපාලකයා කියන බොරු කොයිතරම්ද කියලා. සමරතුංග මහත්තයා ආචාර්ය උපාධිය ගත්ත එක ගැනත් සමහරු කතා කරනවා. මම පුද්ගලිකවම ඒ ගැන දන්නවා. මම එතුමාගේ සමහර වැඩ ගැන පැහැදීමක් නැති වුණත් මෙතන කරලා තිබෙන ප්‍රකාශය හරි කියලා නම් පෙනෙනවා.
විදේශ රට වලින් විශේෂයෙන් දෙන ඩොලර් වලට මේ තරම් ගැතිකම් කරන්නේ අපේ ඡන්දයෙන් පත්වෙලා අපට අවශ්‍ය විදියට කළ නොහැකි නම් ඊලග ඡන්දෙදි කරන දෙය අපි දනිමු .රට මේ තරම් අගාධයකට ඇද දැමුවේ මේ නිවට දේශපාලුවෝ මිස වෙන කවුරුද ? නුඹලට රටේ ජනතාව කියන ආකාරයට කළ නොහැකි නම් ජනතාවට බලපෑම් නොකර ඉවත්වී යන්න. අපිට පුළුවන් ආකාරයට අපි රට රැක ගන්නම්. ලක් අම්මව විනාශ නොකරනු . දිවි පරදුවට තබා රට රැක ගනිමු . නුඹලා පාඩම් ඉගෙන ගන්න දිනය වැඩි ඈතක නොවේ .
ඔය ගිවිසුමෙන් මේ රට විනාශ වෙනවා. ඔය ගිවිසුම ගහන්න එපා. මහජනතාව විදියට අපි මේ ගිවිසුමට සම්පූර්ණයෙන්ම විරුද්ධයි.
උපන් රට වටින්නේ මිලියන 480ද? පරගැතිකම මිස වෙන කුමක්ද? මේ පරගැත්තන් ඇමෙරිකාවටම එළවා දමමු.
මම අහනවා සටකයන් විසින් ලංකාවේ ප්‍රධාන ඉඩම් ටික ගෙඩිය පිටින් චීනයට විකුණුවාට පසු ඇමරිකාවට ගන්න දෙයක් ඉතුරුවෙලා තිබෙනවාද කියා...?
ඔව් ඉතින් මංගල විතරක් කියලා මදිනේ... ඇමෙරිකාව ලංකාවට මෙච්චර අාදරේ නම් ගිවිසුම් ඕනේ නැහැනේ... ඉතින් ඔය මුදල් ප්‍රදානය කරන්න පුළුවන්නේ... ඒ ගොල්ලන්ගේ අධීක්ෂණය යටතේ. මේක නොතේරෙන ලේකම් කොහෙද දන්නේ නැහැ ඉගෙන ගත්තේ...
ඔයතරම් ඕනෑනම් ගිවිසුම් නැතුව දෙන්න සල්ලි ඔය අැමැතිලාට බෙදාගන්න. නැතිනම් කරුණාකර අපේ රටට කරදර නොකර ඔය මුදල් ඇමෙරිකා වේ ඉන්න දුප්පත් මිනිස්සුන්ට දෙන්න.
හොඳ දෙයක් නම් ගිවිසුම් ගහන්නේ මොකටද? ඔය ගිවිසුම ගැහුවොත් එ්ක අපේ අවසන් ගිවිසුම වෙනවා. අන්තිම කැමැති පත්තරේ ලියලා ආණ්ඩුව ගෙදර යන්න වගෙයි ලෑස්ති වෙන්නේ...
මේ මේ රටේ මහා භාණ්ඩාගාරයේ ප්‍රධානියාගේ අදහස් හා කථාවයි. මේ රටේ සල්ලි උත්පාදනය කරන්න මේ රට සශ්‍රීක කරන්න ප්‍රධාන වෙන්න ඕන කෙනා කට ඇරගෙන බලාගෙන ඉන්නේ ඇමරිකාවෙන් අපිට සල්ලි දීලා යනකම්... කොහෙන් හරි දීලා යනකම් බකන් නිලාගෙන බලාගෙන ඉඳලා ඒ දෙන සල්ලිත් ඵලදායි විදියට මේ රටේ ආර්ථිකය තුළ හසුරවන්න බැරිකමේ ඵලවිපාක අපි දැන් අවුරුදු 5ක් තිස්සේ භුක්ති විඳිනවා. මේ රටේ ආර්ථිකය අගාධයට අැදපු මේ වගේ උත්තමයන් දැන් ඇමරිකාවෙන් අපිට හිඟමන් දෙනකම් බලාගෙන දේශපාලකයින්ට කහිමින් ඔවුන්ගේ පතුල් ලෙවකනවා. උගත් කියන අයත් මෙහෙම නම් අපේ රටේ අනාගතය ගැන මොනවා කියන්නද?
ඉහත අදහස් දක්වා තිබෙන සියල්ලන්ටම මම කියන්න කැමතියි ඔය ගිවිසුමෙන් අපට බේරෙන්න බැහැ. කවුරු ආවත් ඕක අස්සන් කරනවා. වැඩේ තියෙන්නේ මේ ආණ්ඩුව කියලා කරනවා හිටපු ආණ්ඩුව හොරෙන් කළා. අනික ඇමරිකාව වගේ බලවත් රටකට විරුද්ධ වෙන්න තරම් යුදමය, ආර්ථිකමය ශක්තියක් අපට නැහැ. විරුද්ධ පක්ෂයේ ඉන්නකොට මාධ්‍යවේදීන්ට, ප්‍රවෘත්ති කතෘවරුන්ට, මහජනතාවට රටට ආදරේ කට්ටිය බලයට ආවම ඔය මොකවත් නැහැ. අපි ස්වයංව ආර්ථිකව නැගිට්ට දාට තමයි ඕවට විරුද්ධ වෙන්න පුළුවන් වෙන්නේ. ඔය කවුරු බලයට ආවත් ඔය ටික වෙනවා.