IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඇමරිකාවට ඇතුළුවීමට පැමිණි සංක්‍රමණිකයන්ට බැටන්-කඳුළු ගෑස් ප්‍රහාර

ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීමේ බලාපොරොත්තුවෙන් පැමිණි මධ්‍යම ඇමරිකානු සංක්‍රමණිකයින් පිරිසකට ආරක්ෂක හමුදා විසින්  ග්වාතමාලාවේදී බැටන් ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වේ.

සංක්‍රමණිකයන් සහ පොලිසිය අතර ගැටුම් ඇතිවූ බවද පිරිසක් තුවාල ලබා ඇති බවද සඳහන් වේ.

මොවුන් බොහෝදෙනකු හොන්ඩ්‍යුරාස් ජාතිකයින් ය.

දරිද්‍රතාවය හා ප්‍රචණ්ඩත්වය හේතුවෙන් පසුගිය දින කිහිපයේදී සංක්‍රමණිකයන් 7,000කට වැඩි පිරිසක් හොන්ඩ්‍යුරාස් සිට පලා ගොස් ඇත.

ඔවුන් මෙක්සිකෝවට සහ පසුව ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීමේ බලාපොරොත්තුවෙන් ගමන් කරන බව පැවසේ.

මෙලෙස ගමන්ගත් දහසක පමණ පිරිසක් හොන්ඩ්‍යුරාස් දේශ සීමාව අසලදී ඉරිදා(17) අත්අඩංගුවට ගෙන තිබේ.
සෑම වසරකම මධ්‍යම ඇමරිකානුවන් දස දහස් ගනනක් මෙවැනි අනතුරුදායක චාරිකා මගින් ඇමරිකාවට ළඟා වීමට උත්සාහ කරන අතර ඔවුහු බොහෝවිට තවලම් ආකාරයෙන් පයින් ගමන් කරති.

ඇමරිකානු ජනාධිපති ධූරයට තේරී ඇති ජෝ බයිඩන් මහතා ප්‍රජාතන්ත්‍රවාදී අදහස් දරන නමුත් සංක්‍රමණික ප්‍රතිපත්ති එක රැයකින් වෙනස් නොවන බැවින් නීති විරෝධී ඇතුල් වීම් සඳහා අවසර නොලැබෙන බවට සංක්‍රමණිකයන්ට අනතුරු අඟවා ඇත.

"මේ ආකාරයේ නීතිවිරෝධී මහජන ව්‍යාපාර පිළිගනු නොලැබේ. කලාපීය ප්‍රශ්නයක් ලෙස මෙය විසඳීම සඳහා අසල්වැසි ජාතීන් සමග එක්ව කටයුතු කරන්නෙමු." යනුවෙන් ග්වාතමාලා ජනාධිපති කාර්යාලය නිවේදනය කර තිබේ.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (2)

ඇමරිකාවට ඇතුළුවීමට පැමිණි සංක්‍රමණිකයන්ට බැටන්-කඳුළු ගෑස් ප්‍රහාර

Demuni Uduwara Monday, 18 January 2021 01:08 PM

‘‘වාසි තැනට හෝයියා‘‘

:       0       0

Tania Saturday, 23 January 2021 06:53 AM

මෙහෙම දෙයක් නෙවෙයි... මේක ට්‍රම්ප් ප්ලෑනක්... විකාර නොකියා නිව්ස් එක බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site