(අජන්ත කුමාර අගලකඩ)
ඉරණවිල ඇමෙරිකානු හඬ ගුවන් විදුලි මධ්‍යස්ථානය පිහිටි ඉඩම, විදුලි බලාගාර ඉදිකිරීම සඳහා විදුලිබල මණ්ඩලයට ලබාදෙන්නැයි විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ සඳහා ඇමැතිවරයා විසින් කැබිනට් සංදේශයක්ද ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත.
ඉරණවිල පිහිටා තිබූ ඇමෙරිකානු හඬ ගුවන් විදුලි මධ්‍යස්ථානය වසා දමා ඇති අතර, එහි ඉඩම සහ යන්ත්‍රෝපකරණ ශ්‍රී ලංකා රජයට බාරගෙන තිබේ.
එම ගුවන් විදුලි මධ්‍යස්ථානය පිහිටි භූමිය අක්කර 400ක් පමණ වන අතර, ස්වාභාවික වායු බලාගාරයක් සහ සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීමට එම ඉඩම වඩාත් සුදුසු බව ඇමැතිවරයා පෙන්වා දී තිබේ.
විදුලි බලාගාර ඉදිකිරීමේදී සුදුසු ඉඩමක් සොයාගැනීමේ ගැටලුවට මෙමගින් විසඳුමක් ලැබෙන බැවින් මෙම ඉඩම බදු ගිවිසුමක් මත විදුලි බල මණ්ඩලයට ලබාදෙන්නැයි ඇමැතිවරයා ඉල්ලා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පිටුපස තවත් කතාවක් තිබිය යුතුය. ඔවුන්ට සූර්ය ගොවිපල ඉදිකිරීමට අවශ්‍ය නම් හොඳම ප්‍රදේශය මන්නාරමයි. එය ජීව වායුව නම්, ඔවුන් අමුද්‍රව්‍ය සොයා ගන්නේ කෙසේද? එය විශාල සැඟවුණු කතාවක් වනු ඇත.
හොඳ යෝජනාවක්...
ඇත්තෙන්ම මෙම ඇමෙරිකන් හඬින් මගින් අප රටට වුණු සේවය කුමක්ද යන්න අප අවංකව දැනගැනුමට කැමැත්තෙමු. එබැවින් ඒ පිළිබඳව දන්නා කෙනෙකු සිටියි නම් අපව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. කරුණාකර මෙම ඇමරිකානු හඬ පිළිබඳව තමන් දන්නා නිවැරදි තොරතුරු අප සමග බෙදාගන්නේ නම් අප එය අගය කරන්නෙමු. එලෙසම එක එක ගොන් තකතීරු පක්ෂ, පාටවලට වන්දනාමාන කරන අදහස් අපට නම් දැනගැනුමට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ සත්‍ය තොරතුරු පමණි. අරයා තමයි කෙරුවේ, මෙයා තමයි කෙරුවේ ඒ ගොන් පාට් අපට අවශ්‍ය නැත.
මම අසා තිබෙන විදියට මෙම සම්ප්‍රේෂණ කුළුණු සහ විකාශන යන්ත්‍ර පාවිච්චි කලේ වොයිස් ඔෆ් ඇමෙරිකා ගුවන්විදුලි සේවය ආසියානු රටවලට විකාශනය කිරීම සඳහායි. මේ සඳහා ඇමෙරිකාව ලංකා රජයට මුදල් ගෙව්වා...
1990 ගණන්වල මෙම ඉඩම වොයිස් ඔෆ් ඇමරිකා එකට දෙද්දී එවකට විපක්ෂය කෑගහපු විදිය දන්න අය නැද්ද දැන්...? මෙන්න ලංකාව ඇමරිකාවට පාවල දෙනෝ... ලංකාව ඇමරිකාවේ කොළණියක් කරන්නයි හදන්නේ.. යූ.එන්.පී. ය ඇමරිකාවට ලංකාව විකුණනවෝ... දැන් කෝ එහෙම කියපු අය...?
ස්වභාවික වායු විදුලිබලාගාරයක් තැනීමට සුදුසු කොළඹ ආසන්න බිමක් සොයා ගන්න ඕනේ... එක හේතුවක් ආනයනය කරන මේ වායුව ගෙනෙන්නේ අධික ලෙස සීත කළ දියරයක් හැටියටයි. එම දියර තැන්පත් කරන්නේ භූගත විශාල අධික ලෙස ආවරණය කළ ටැංකි තුළයි. කෙතරම් ආවරණය කළත් එම ටැංකි අසල භූමිය අයිස් කුට්ටියක් බවට පත්වෙනවා. කොළඹ වරායට නුදුරු ස්ථානයක් මෙ කටයුත්තට යෝග්‍යයි. අනෙක් හේතුව උත්පාදනය කරන විදුලිය යන්නේ කොළඹට නගරයට සහ අවට ප්‍රදේශයට නිසයි...