IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙයි

ඇමෙරිකා එක්සත් ජාතික ජනපදයේ ආරක්ෂක ලේකම් ජනරාල්  ජේම්ස් මැට්ස්   මහතා  සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.


සිරියාවෙන් ඇමෙරිකානු හමුදාව ඉවත්  කිරීමට  ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  මහතා  තීරණය කිරීමත් සමඟ  ආරක්ෂක ලේකම්වරයා සහ ජනාධිපතිවරයා අතර ඇති වු මතභේදාත්මක ගැටුම්  නිසා මෙම තීරණය ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.


සිය ප්‍රතිපත්තිමය තීරණ සම්බන්ධයෙන්  ආරක්ෂක ලේකම් ජනරාල්  ජේම්ස් මැට්ස්  මහතා  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට  යැවු ලිපියේ  වැඩි වශයෙන් දක්වා ඇතැයිද වාර්තා වේ.


එසේම  ‘ජනාධිපතිවරයාගේ  අදහස්වලට  වඩාත් ගැලපෙන අයෙකු  ආරක්ෂක ලේකම් තනතුරට පත් කර ගැනීමට  ඉඩ දෙමින් තමා මෙම තනතුරින් ඉවත්ව යන බව  ඔහු වැඩිදුරටත්  සඳහන් කර ඇත.


 68 වැනි වියේ පසුවන ජෙනරල් මැටිස්  මහතා පෙරවාරි මාසයේදී එම  තනතුරින් ඉවත්  වේ.  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  මහතා  ඉන් පුරප්පාඩුවන තනතුරට  කඩිමින් වෙනත් අයකු පත්කරනු ඇතැයිද එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

( බීබීසී ඇසුරෙනි)

(36698)


 



අදහස් (0)

ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 80 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site