(ඡායාරූප - හේමලතා රාජපක්ෂ)

 

( ප්‍රියානි මංගලිකා)

වී ප්‍රවාහනය කරන මුවාවෙන්, වී උර අතර සඟවා ලොරි රථයකින් අනුරාධපුරයට  ප්‍රවාහනය කරමින් තිබු ඇමෝනියා කිලෝ 300ක් අඩංගු  උර 6 සමඟ සැකකරුවෙකු ලොරි රථයක්ද සමග අද (29)  කුලියාපිටිය කොට්ඨාස  රථවාහන අංශ නිලධාරින් විසින් පන්නල , තලම්මැහැරදී පොලිස් බාරයට ගෙන ඇති බව පොලීසිය පවසයි.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ,පන්නල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ගෙන් ඇමෝනියා තොගය මිලදී ගෙන ඇති බව අනාවරණය වූ බවද ,ඒ අනුව ව්‍යාපාරිකයා ගේ නිවස පරීක්ෂා වේදී ,ඔහුගේ නිවසේ තිබී ඩයින කරල් දෙකක් සහ අඩි 50ක් දිග සේවා නූලක්ද අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කරයි . අද 29 පස්වරුවේ කළ  මාර්ග සෝදියකදී අත්අඩංගුවට ගැනීම සිදුකළ බවද , සැකකරු නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි අයෙකු බවද,සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් සිටින බවද පොලීසිය පවසයි .
                               
කුලියාපිටිය කොට්ඨාස රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියන්ත මහතා ඇතුලු නිලධාරින් කණ්ඩායමක්  පරීක්ෂණ සිදු කෙරේ.