(නිමන්ති රණසිංහ)
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතා සිදුකළැයි කියන ප‍්‍රකාශයක් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ග‍්‍රෑන්ඩ්පාස් පොලීසිය අද (28) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබේ.
ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ තොටළග ප්‍රදේශයේ ප‍්‍රචාරක කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයකදී හිටපු අමාත්‍යවරයා ‘ගෝඨාභය මරමු’’ යනුවෙන් ඉකුත් 24 වැනිදා මහජනතාව කුපිත කරන ආකාරයේ ප‍්‍රකාශයක් සිදුකළැයි කියන පැමිණිල්ලකට අදාළව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇතැයි ග‍්‍රෑන්ඞ්පාස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් ඔයඅයගේ තියෙන්නෙම "මරමු" කියන වචනේ විතරයි,
ආගමෙන් ඉස්ලාම් වූත්, නියම-අවංක ශ්‍රී ලාංකිකයෙක් ලෙස දශක ගණනාවක් ජනතා සුබසිද්ධියට සේවය කළ ෆවුසි මහතාගේ අවංකභාවය නැතිකළේ කවුරුවත් නොව රටේ ආර්ථිකය 2000/2001 වසරවලදී සෘණ (-) භාවයටත්, අනුරුද්ධ රත්වත්තේ මහතා නායකත්වය දී නිදහස් කළ උතුරේ සියලුම හමුදා බලකොටු LTTE යට නැවතත් නතුකර, 2015දී රනිල් මහතාට හිමි අපේක්ෂකත්වය භංග කර, ජරාපාලනය නිර්මාතෘ කළ චන්ද්‍රිකාගේ චෞර වෛරයයි.
චන්ද්‍රිකාගේ වෛරය තමයි මෙයාගේ කටින් පිට වෙන්නේ. කොහොම වුණත් මේකට නීතිමය පියවර ගැනීම ඉතාම සුදුසයි. මොකද එජාපෙ වේදිකාවේ වැඩිහරියක් ඉන්නේ ඔය මානසිකත්වයට ගැලපෙන මිනිස්සු.
ෆව්සි මහතා එහෙම ප්‍රකාශයක් නොකළ අතර එක ප්‍රකාශකයට කඩේ යන සහ ජාතිවාදී ප්‍රකාශවලට උඩ ගෙඩි දෙන මාධ්‍ය ආයතනයකට එරෙහිව ෆවුසි මහතා මේ සම්බන්ධව උසාවියේ නඩුවක් ගොනු කර තිබෙනවා
මරමු, කපමු, කොටමු... මේ දුර්වල සහ කෘෘර මානසිකත්වය රටෙන්ම ඉවත්කර දැමිය යුතුයි. ස්වභාවික මරණය පෙනිපෙනී මෙවැනි ප්‍රකාශයක් කළ ඒ දුර්වල වයෝවෘද්ධ මිනිසා තමාද? අහෝ මෝහය.. !
මෙම මැරුවා නම් ඉවරයි කථාව මම දකින්නෙ හකීම්,බදුර්දීන් ,අසාද් සාලී,හලීම්,හිස්බුල්ලා වැනි අය සමග එකතුව එළ පවුසි කරන ලද සාකච්ඡාවල පුුතිඑලයක් හැටියටයි .මෙයාගෙ කටින් පැන්නෙ පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇතිවූ තත්ත්වයයි.
හරියට කතාව ඇහුවනම් තේරෙනවා..
මේ අය කියනවා විතරයි... කරන්නේ නැහැ. එහෙම නෙවෙයි අපරාදෙ කියන්න බැහැ. අපේ ගෝඨාභය මහත්තයා කියකියා ඉන්නේ නැහැ... කරනවා මිසක්..
නොදන්නා සිංහල කතා නොකර හිටියා නම් ඉවරයිනේ...
මමත් ෆවුසිගේ ඔය කතාව මාධ්‍යය මගින් ඇසුවා. ඔහුට වචන පැටලීමක් වුනේ. පන්නමු කියන වචනයයි ඔහුට කියන්න උවමනා වුනේ කියයි මට පෙනුනේ.