(නිමන්ති රණසිංහ)
 
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතා සිදුකළැයි කියන  ප‍්‍රකාශයක් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ග‍්‍රෑන්ඩ්පාස් පොලීසිය අද (28) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබේ.
 
ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ තොටළග ප්‍රදේශයේ  ප‍්‍රචාරක කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයකදී හිටපු අමාත්‍යවරයා ‘ගෝඨාභය මරමු’’ යනුවෙන් ඉකුත් 24 වැනිදා මහජනතාව කුපිත කරන ආකාරයේ ප‍්‍රකාශයක් සිදුකළැයි කියන පැමිණිල්ලකට අදාළව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇතැයි ග‍්‍රෑන්ඞ්පාස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.