(ආරියරත්න රණබාහු)
විශ්වාසභංග යෝජනාවෙන් එල්ල කර ඇති චෝදනා පිළිබඳව ආරක්ෂක අංශවලට විමර්ශනය කිරීමට ඉඩදීම සඳහා රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා අද පැවැසීය.
රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනා සියල්ල බරපතළ අපරාධ ගණයට වැටෙන බැවින් ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ වාද විවාද කිරීමෙන් පලක් නැතැයි කී ඇමතිවරයා ඒවා විමර්ශනය කළ යුත්තේ පොලිසිය සහ බුද්ධි අංශ විසින් යැයිද කීය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනා දෙකෙන් ප්‍රථමයෙන් ජනතා විමුක්ති පෙරමුණේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගත යුතු යැයිද ඇමැතිවරයා කීය.
බත්තරමුල්ල පන්නිපිටිය පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේ අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මෙම කරුණු ප්‍රකාශ කර සිටියේය.
COMMENTS
හොඳ උත්සාහයක්... ඒත් ඔහේට අපි ආයිමත් රැවටෙන්නේ නැහැ...
වෙලා යන අතට මැස්ස ගහමු.. ඡන්දෙත් ළඟළඟමනේ...
අන්න එහෙම තමයි ගලන පැත්තට තමයි ඔරුව පදින්න උත්සාහ කරන්න ඕනෑ. නැතිනම් කම්බස් වෙනවා. දැන් අර ජවිපෙ කට්ටියත් ටිකටික ඔරුව හරවන්න දඟලන්නේ... ඒ වගේ ඔරුවේ ඉඩ තියෙනවා නම් කප්පිත්තාට තව අවුරුදු 30ක් සමනලයෝ එක්කලා පාවෙවී ඉන්න කියලා නැවේ ඉන්න කට්ටියත් දාගෙනම පදින්න. බර වැඩි වුනොත් වෙන නැවක හරි එල්ලෙන්න පුළුවන්නේ.
ජනතා විමුක්ති පෙරමුණට රට ගැන පොඩි හෝ හැඟීමක් තියෙනවා නම් විශ්වාසභංගය දැන්ම අයින් කරගන්න ඕනේ.. පාටලී ඇමතිතුමා කියන දේ හරි... මුලින්ම ආණ්ඩුවට විරුද්ධ ඇති විශ්වාසභංගය ගන්න ඕනේ.. මොකද එහෙම නොවුනොත්, මුලින්ම රිෂාඩ් ඇමතිගේ විශ්වාසභංගය ගත්තොත් ඔහුට පුළුවන් වෙනවා ආණ්ඩු පක්ෂෙට බලපෑම් කරන්න. ඔහුට පක්ෂව ඡන්දේ දෙන්න කියලා. රිෂාඩ් මන්ත්‍රී අසන 6ක් තියාගෙන කොහොමද ආණ්ඩුවට දෙන බලපෑම..? සිංහල ඡන්ද තවත් බෙදන්න නැතිව ශක්තිමත් ආණ්ඩුවක් පත් කරමු.
ආණ්ඩුවට විරුද්ධ විශ්වාස භංගය මුලින් විවාදයට ගතයුතුයි කීම ආණ්ඩුවේ ඇමතිවරයෙක් වශයෙන් සිටිමින් කීම පුදුම සහගත නැත... ඇමති රිශාඩ් බදුර්දීන්ට ඇතුළු මන්ත්‍රී ධුර හයෙහි ඡන්දය ආණ්ඩුවට ලබා ගැනීමත් ඔහුට එරෙහි විශ්වාස භංගයට කල් ලබා ගැනීම හා ඇමති රිෂාඩ් බදුර්දීන් ඇතුළු මන්ත්‍රී හය දෙනාගේ ඡන්දය ආණ්ඩුවට පක්ෂව දීමට හිලව් පිණිස ඔහුට ඇමතිකම බේරාදීමට ආණ්ඩු පක්ෂ මැති-ඇමැතිවරු ක්‍රියා නොකරාවි යයි සිතිය නොහැක...
මෙහෙමත් පාට වෙනස් කරන කටුස්සන් ඉන්නවද..? දැනුත් අලි බොරුවක් කරනවා ඡන්දයට කෑදරකමේ...
දිගු නින්දකට පසු හීනෙන්!!!!
ඔබත් හරිනම් ඉල්ලා අස්වෙන්න ඕනේ නේද ?
තමුන් මේ මිනිස්සු ගැන දැනදැන පක්ෂෙන් ගිය එකට මේ පාර ලැයිස්තුවෙන් තමයි එන්න වෙන්නේ...
මෙයා ඒ පාර මහින්දට වගේ.. මහින්දටත් රජ වෙන්න ඇත්නම් ප්‍රභාකරන් වුණත් කමක් නෑ...!