IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඇමැති මහින්ද අමරවීරගෙන් පොලිසියට ලිපියක්

(නාලක සංජීව දහනායක  සහ මහින්ද නිශ්ශංක)

ඉකුත් රජය යටතේ මහවැලි රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේදී ලක්‍ෂ 420 ක් වටිනා මර්සිඩිස් බෙන්ස් රථයක් තමන්ට ලබාදී ඇති බවට පළවන පුවත සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන්නැයි ඉල්ලමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (10) පොලිස්පතිවරයාට සහ අපරාධ විමර්ශන අධ්‍යක්‍ෂකවරයාට ලිපියක් යොමුකර තිබේ.

තමන් අමාත්‍යධූර දැරූ ඉකුත් වසර 10 ක කාලයේදී කිසිඳු අළුත් වාහනයක් නිල වාහනයක් ලෙස භාවිත නොකල බවත් තමන්ට ලබාදීමට යැයි සඳහන් කරමින් යම් වාහනයක් මිලදී ගෙන ඇත්නම් එය මිලදීගත් වර්ෂය හා එයට වර්තමානයේ සිදුවී ඇත්තේ කුමක්ද යන්න පිළිබඳව මෙන්ම එම වාහනය ලබාදී ඇත්තේ කාහටද යන්න පිළිබඳව කඩිනමින් විමර්ශනයක් කරන ලෙසට අමාත්‍යවරයා එමගින් ඉල්ලා ඇත.

මෙලෙස වාහන මිලදී ගැනීමෙන් මහජන මුදල් අවභාවිතා කිරීමක් සිදුව ඇතිබවට තමන් සලකන බැවින් ඒ පිළිබඳව අවදානය යොමුකර කඩිනමින් විමර්ශන කටයුතු ආරම්භ කරන ලෙසට අමාත්‍යවරයා එමගින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.      



අදහස් (1)

ඇමැති මහින්ද අමරවීරගෙන් පොලිසියට ලිපියක්

ඉන්දික Tuesday, 11 February 2020 05:48 AM

මහත්තයා, කෝ අර සුභාවිත ගීත, අර්ධ සුඛෝපභෝගී තහනම ? නීතිය ක්‍රියාත්මක නෑ තවම. පොඩ්ඩක් හොයලා බලන්න.

:       0       66

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site