(තිළිණි ද සිල්වා)
‘මහපොළ’උසස් අධ්‍යාපන බාරකාර අරමුදල සතුව සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දුෂණ හා වංචා සිද්ධීන් පිළිබඳව සාක්කි ගැනීම සඳහා බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතාට වත්මන් රජයේ ආයතනයන් හී වංචා සහ දුෂණ සිද්ධීන් සොයාබලන ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ හෙට (13) පෙනී සිටින ලෙසට එම කොමිසම දැනුම් දී තිබේ.
ඒ අනුව අමාත්‍ය ජයවික‍්‍රම පෙරේරා මහතා හෙට පෙරවරු 9.30ට එම කොමිසම හමුවේ සාක්කි ලබා දීමට පැමිණීමට නියමිත බව එම කොමිසමේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
මහපොළ ශිෂ්‍යත්ව බාරකාර අරමුදලේ සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් හිටපු උසස් අධ්‍යාපන ඇමැති හා වත්මන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේදාස රාජපක්‍ෂ මහතා එම කොමිසමට පැමිණිල්ලක් ගොනු කළ අතර ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන විභාගයේ සාක්කි ලබා දෙන ලෙසට අදාළ ජනාධිපති කොමිසමට අමාත්‍යවරයාට නියෝග කළේය.
මහපොළ ශිෂ්‍යත්ව බාරකාර අරමුදලේ සිදුව ඇතැයි කියන වංචා හා දුෂණ සිදුවූ කාලය තුළ අමාත්‍යවරයා එම අරමුදලේ නියෝජිතවරයකු ලෙස කටයුතු කර ඇති හෙයින් ඊට අදාළව සාක්කි ලබා ගැනීමට කොමිසම හමුවට කැඳවා ඇත.
එමෙන්ම හිටපු විදුලිබල අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රි රංජිත් සියඹලාපිටිය මහතාද අද (13) ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටිමට නියමිතය.
විදුලිබල මණ්ඩලයේ විදුලි ධාරිතා මිලදී ගැනීමේදී සහ බලාගාර සඳහා ඉන්ධන ලබා ගැනිමේදී සිදුවූ වංචා දුෂණ සම්බන්ධයෙන් ගොනු වූ පැමිණිල්ලකට අදාළව ප‍්‍රකාශයක් ලබාදීම සඳහා හෙතෙම හෙට පෙරවරු 8.00ට එම පොලිස් ඒකකයට පැමිණෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමා යන්න එපා ඔය කොමිසමට. අර බෝපිටිය පැත්තේ කණාටු පොල් ඉඩම්වලට ආණ්ඩුවේ සරු පොල් ඉඩම් මාරු කරපුවා ගැනත් එකේදී අහනවලු.
වසර 40 කට පෙර මම දැන සිටියා ජයවික්‍රම පෙරේරා මහතා අවංක කෙනෙක්... එතුමා දිසා ඇමැති කාලේ බොහොම සාධාරණව කටයුතු කළේ.. උගතුන්ට හොඳට සැලකුවා.