(රංජන් කස්තුරි)
ජනාධිපතිවරණයට පෙර බෝම්බ පිපිරීමක් සිදු වෙතැයි ද ඒ සම්බන්ධයෙන් කිසියම් පිරිසක් සැලසුමක නිරතවන්නේ යැයිද සඳහන් ට්විටර් පණිවිඩයක් තමාට ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා මැතිවරණ කොමිසමට සහ පොලිස්පතිවරයාට අද (06) පැමිණිලි කර තිබේ.
හරීන් ප්‍රනාන්දු,අජිත් පී පෙරේරා යන ඇමැතිවරුන්ටද එම ට්විටර් පණිවිඩය ලැබී තිබෙන බවද එම පණිවිඩය නිකුත් කළ තැනැත්තා ආරක්ෂක මණ්ඩලය කැඳවන්නැයිද ඉල්ලීමක් කර තිබෙන බවද ඉරාන් වික්‍රමරත්න මහතාගේ පැමිණිල්ලේ සඳහන් වේ.
එම නිසා තමාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් පියවර ගත්නැයිද රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා මැතිවරණ කොමිසමට කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝම්බ සිද්ධි වලින් වාසි ලැබෙන අපේක්ෂකයාගෙන් දැඩි ලෙස ප්‍රශ්න කලයුතුය. බොහෝ දුරට එදා බෝම්බ ප්‍රාහාරද ඔහුගේම ක්‍රියාදාමයක් විය හැක. වහාම මේ ගැන හොයලා බලන්න ජනාධිපතිතුමා.
මැතිවරණය ප්‍රකාශයට පත්කළ දිනයේසිට ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙතෙක් පළ වූ සියලුම සමීක්ෂණ වාර්තා අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටියේය. නමුත් නොවැම්බර් 6 වෙනිදා ප්‍රසිද්ධියට පත්කළ නවතම වාර්තා අනුව ප්‍රථම වරට සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියට පැමිණ තිබේ. සජිත් ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාව පරදමින් ඡන්ද 90,000 - 100,000ත් අතර ප්‍රමාණයකින් ඉදිරියට පැමිණ ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. සමහරවිට මෙම වාර්තාව ප්‍රසිද්ධවිමත් බෝම්බ පිපිරීමක් ගැන ට්විටර් පණිවිඩයක් නිකුත් වීමත් අතර සම්බන්ධ තාවයක් තිබෙන්නටද බැරි නැත. මේ කියන කතාව ඇත්තක් නම් ඒ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම ඉතාම වැදගත් වෙයි.
ආණ්ඩුව ඔබලාගෙය අල්ලා ගත යුත්තෙ ඔබලායි මැතිවරණ කොමසාරිස් කුමක් කරන්නද..?
මෙවැනි ක්‍රියා වලින් මහජනතාව තවදුරත් රැවැට්ටිය නොහැකි බව මතක තබා ගත යුතුයි! ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නගෙම කට්ටිය මෙවැනි කඩාකප්පල් කාරී වැඩ ගැන කියවනවා!. දිනුම ගැන සැකකරන පුද්ගලයෝ තමා මෙවැනි කඩාකප්පල් කාරී වැඩ පෙලෙබෙන්නේ!
එහෙම පණිවිඩයක් ආවද ? තව 350 ක් නැති වෙන්න කලින් මේක එළිකලාට තුති.
ඕක ලැබුනම අපිට කියන්න නොවෙයි ඕන බලදාරීන්ට කියන්න. දැන් එන්න ඉන්න සංචරකයොත් ආපහු නවතීවි.
බෝම්බ ගහනව කියලා මැතිවරණ කොමිසමට පැමිණිලි කරන්නෙ දැන් රටේ ආරක්ෂාව බාර මැතිවරණ කොමිසමටද ?