(නිමන්ති රණසිංහ)
ලංකා ඛණිජ තෙල් නිතිගත සංස්ථා පරිශ‍්‍රය තුළට ඇතුළුව පුද්ගලයකුට පහරදී තුවාල සිදු කළැයි කියන සිද්ධියට අදාළව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කිසිවකුට හෝ පහරදීමකට අදාළ කිසිවක් සී සී ටී වී දර්ශනවල සටහන් නොවන බවත් බහින් බස් වීමක් පමණක් දර්ශනය වන බවත් කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ අද (4) ප‍්‍රකාශ කළේය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අද (4) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී වැඩිදුර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය එලෙස සඳහන් කළ අතර, ඇප මත සිටිමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
COMMENTS
එතකොට අනවසරයෙන් එතැනට කඩාවැදුණු මැරයෝ ටික හමුවුනේ නැද්ද? තමාගේ ජීවිත ආරක්ෂා කරගන්න නිල ගිනිඅවිය පාවිච්චි කළ පොලිස් සැරයන් වරයා තවම හිර ගෙදරද? කැකිල්ලේ රජුද නඩුව අහන්නේ?
ආයතනවලට අරක්ගත් මැරයෝ දේශපාලන හයිය හිතට අරගෙන මැර වැඩ කරන්න ගියාම මෙවැනි සිද්ධි ඇතිවෙනවා. ආණ්ඩු මාරුවනවිට මෙවැනි සිද්ධි ඇතිවීම වැළැක්වීමට පියවරගත යුතුයි...
ඇමැතිවරු ලග ඉන්න හැම කෙනාටම හොද පාඩමක් මොකද මොනවා හරි උනාට පස්සේ ඇමැති අත හෝදගෙන අයින් වෙනවා අන්න පොලිස් සැරයන්වරයාට නඩුවට වියදම් කරන්න සල්ලි නැහැ ගෙදර කන්න බොන්න නැහැ දරුවන්ට ඉස්කෝලේ යන්න විදිහක් නැහැ ඇමැති උදව් කරන්නේ නැහැ...
මේ පුද්ගලයා මීටපෙරත් ඔහුගේ තවත් සොහොයුරන් සමග අශෝක විද්‍යාලයේ පාසල් ළමුන්ට පහරදී තිබෙනවා.