IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


ඇමැතිවරු,රාජ්‍ය ඇමැතිවරු 10ක් තාමත් මන්ත්‍රී නිල නිවාසවල

(සුජිත් හේවාජුලිගේ )

ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් දසදෙනකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් තවමත් ඉවත්වී නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අතර කැප්පෙටිපොළ මාවතේ ඇමැති නිල නිවාස (සමිට් ෆ්ලැට්) ලබා ගෙන සිටින ඇමැතිවරුන්ගේ සහ රාජ්‍ය ඇමැතිවරුන්ගේ ලයිස්තුව වහාම ලබාදෙන්නැයි පාර්ලිමේන්තු ප්‍රධානීන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට දැනුම්දී ඇත.

එම ලයිස්තුව ඉල්ලා ඇත්තේ ඇමැති නිල නිවාස ලබා ගෙන සිටින්නේ කවුදැයි නිශ්චිතවම තහවුරු කරගැනීම සඳහා යැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මේ අතර මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි ඇමැතිවරුන් දෙදෙනෙකු සහ රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනෙකු එම නිල නිවාස පසුගියදා බාරදී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙසේ මන්ත්‍රී නිල නිවාස භාරදී ඇත්තේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ, වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන්වන මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සහ ඩී බී හේරත් යන මහත්වරුන්ය.

නාමල් රාජපක්ෂ මහතා සහ රෝහිත අබේගුණවර්ධන ඇමැතිවරුන් මන්ත්‍රී නිල නිවාස භාරදී ඇත්තේ මෙම මස මුල් සතියේදීය.

මරණ දඬුවම නියමව සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාද ඔහුගේ මන්ත්‍රී නිල නිවාසය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශයට පසුගියදා බාරදී ඇතැයි වාර්තා වෙයි.

මන්ත්‍රීවරයකු ලෙස ඔහුට මන්ත්‍රී නිල නිවාසයක් පාවිච්චි කිරීමට අයිතිවාසිකමක් ඇතැත් ඔහු එම නිල නිවෙස නැවත බාරදී ඇත්තේ තමාගේ කිසිවකුත් එහි ජීවත් නොවන බව දැනුම් දෙමිනි.

කෙසේ වෙතත් ඇමැති නිල නිවාස ලබාගෙන නොමැති ඇමැතිවරුන්ට හෝ රාජ්‍ය ඇමැතිවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිල නිවාස ලබාදීම ගැටලුවක් නොවන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

 



අදහස් (5)

ඇමැතිවරු,රාජ්‍ය ඇමැතිවරු 10ක් තාමත් මන්ත්‍රී නිල නිවාසවල

Sk Saturday, 25 September 2021 07:22 AM

පව් අනේ... යන එන මං නැතිව ඇති....?

:       0       5

හපය Saturday, 25 September 2021 08:28 AM

ගහලා එලවනවා හලෝ කියකිය ඉන්නේ නැතිව...

:       0       3

sunil Saturday, 25 September 2021 10:29 AM

මට නම් තේරෙන්නේ නෑ. ඇමති හෝ රාජ්‍ය ඇමතිවරුන් නිලනිවාස බාර නොදීම වරදක් ලෙස මෙයින් හැඟවේ. ඒ ගොල්ලෝ එම තනතුරුවල සිටී නම් බාරනොදීම වරදක් වන්නේ කෙසේද?

:       2       3

Lalith M Saturday, 25 September 2021 02:47 PM

රටට ගිය කලක්. මරණ දඬුවම නියම වුණ මන්ත්‍රී. මේකද රටේ පාර්ලිමේන්තුවේ තත්ත්වය. එතකොට සර්ගේ තත්ත්වය...

:       0       3

Sriland Saturday, 25 September 2021 03:56 PM

මෙන්න හොඳම උදාහරණය නීතිය සැමට එකයි කියන්න කුලී කාරයෙක් මාසයක් කුලී නිවසේ හිටියොත් සල්ලි ගෙවන්නේ නැතිව, බඩුත් එක්කම එළියට දානවා. නඩුත් දානවා. බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ කිව්වලු.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 14 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 337 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site