(සුජිත් හේවාජුලිගේ )
රාජ්‍ය ඇමැතිවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් තවමත් ඉවත්ව ගොස් නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු ප්‍රධානියකුගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මඟින් නිල නිවාස මෙතෙක් ලබාදී නැති හෙයින් එම රාජ්‍ය ඇමැතිවරුන් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ මෙසේ තවදුරටත් රැඳී සිටින බවයි .
මේ රාජ්‍ය ඇමැතිවරුන්ට ලබාදීම සඳහා නිල නිවාස කිහිපයක් පිළිසකර කරගෙන යන බව පළාත් පාලන අමාත්‍යාංශ ප්‍රධානීන් දැනුම්දී ඇතැයිද ඔහු සඳහන් කළේය.
මේ අතර මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවල කාලයක් තිස්සේ රැඳී සිටි රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනෙකු ඒ නිවාසවලින් පසුගිය දිනවල පිටව ගොස් ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
එසේම පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් සියලු දෙනාද මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් මේවනවිට ඉවත්ව ගොස් ඇතැයි දැනගන්නට ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිල නිවසක් නොමැති නම් ගැටළුවක් තියනවා. නමුත් මන්ත්‍රී නිල නිවසේ රාජ්‍ය ඇමතිවරු තවම ඉන්නවා කියන්නේ ඇමති නිල නිවාස නොලැබුණු නිසා... ඒ කියන්නේ මන්ත්‍රී නිල නිවාස රාජ්‍ය ඇමතිවරුන්ට සුදුසු නැතිද?. මේ හීනමානය සහ නිලධාරී වාදය නිසා තමයි අපේ රට මේ තත්වයට පත්වෙලා තියෙන්නේ. අලුතින් ආණ්ඩුවක් පත්වුණාම කලින් ආණ්ඩුවේ කට්ටිය පාවිච්චි කළ කාර්යාල වාහන නිල නිවාස අලුත් කට්ටියට පාවිච්චි කරන්න බැහැ. එයාලට අලුතින් ඕනෑ. මේ විකාර විනාශකාරී වැඩ නවතින දවසක අපට ඉදිරි ගමනක් තියෙයි.