(යොහාන් භාසුර)

කෘෂිකර්ම අමා්‍යංශයේ ගොඩක් නිලධාරීන් රසායනික පොහොර සමාගම්වලට උපදේශන සේවා ලබාදෙන බවත් සමහර නිලධාරීන් අමාත්‍යංශය සමඟ නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.

එහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“ඔබ මතක තියාගන්න මේකෙ ඉන්නේ මේක හරවන්න උත්සාහ කරන්න. මේක ‘මාෆියා’ එකක්. මේකට යටවෙලා. කණගාටුවෙන් උණත් කියන්න ඕන මමත් ඇමතිතුමාත් පුදුම අමාරුවකින් මේක ඇඳගෙන යන්නේ. අපේ සමහර නිලධාරීන් අපිත් එක්ක නෑ. ඒ නම් ලිස්ට් එළියට දාන්න හොඳ නෑ. එළියට දැම්මොත් අපිට වැඩ කරන්න මිනිස්සු නැති වෙයි”