IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


ඇප දුන්නාට එරෙහිව නීතිපතිගෙන් ඇපෑලක්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබ සිටි හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය දුන් නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

සැකකරුවන්ට ඇප නියමකරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය දුන් නියෝගය ප්‍රතිශෝධනය කරවා ගැනීම සඳහා එම නියෝගයට එරෙහිව මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බවද නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. 

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවියගෙන් කළ විමසීමකදී හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියමකරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය දුන් නියෝගයේ පිටපතක් ඉල්ලා ඇතත් මේ දක්වා එම පිටපත නොලැබුණු බවත් පිටපත ලද වහාම ඒ පිළිබඳව අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් නොපමාව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන්නේ යැයි කීවාය.

බොහෝ විට ඉදිරි දින කිහිපය තුළ එම අභියාචනය කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කරන බවද රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය වැඩිදුරටත් පැවසුවාය.



අදහස් (6)

ඇප දුන්නාට එරෙහිව නීතිපතිගෙන් ඇපෑලක්

ලුම්බිණි Wednesday, 10 July 2019 05:53 AM

නීතිපති දෙපාර්තමේන්තුවට වෙන වැඩ නැහැ වගේ. මීට වඩා අපරාධ කරපු අයගේ නඩු ගැන කිසි උනන්දුවක් නැහැ. මොකද මෙතන හදිසිය?

:       1       32

bw dayarathne Wednesday, 10 July 2019 06:03 AM

අනිවාර්යයෙන්ම විය යුතුය. නිතිය කාටත් පොදු විය යුතුය

:       6       0

bw dayarathne Wednesday, 10 July 2019 06:03 AM

අනිවාර්යයෙන්ම විය යුතුය.නිතිය කාටත් පොදු විය යුතුය

:       1       0

bw dayarathne Wednesday, 10 July 2019 07:34 AM

හොඳ තීරණයක්. නිතිය කාටත් සමාන විය යුතුය.

:       4       0

thilakasiri Wednesday, 10 July 2019 07:38 AM

ඔහොම නොකලොත් ජනපති නීතිපතිව අයින්කර වෙන කෙනෙක් පත්කරයි කියල නීතිපති බය ඇති.

:       0       26

Amila Wednesday, 10 July 2019 09:15 AM

අරයට පස්සේ රටට වැඩියෙන්ම විහිලු සපයන ආයතනය වෙලා තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව... අපරාදේ මහජන බදුමුදල්. නිකන් පඩි අරන් පිස්සු නටනවා විතරයි.., හරියට වැඩක් කරන්නේත් නෑ.

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1164 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1170 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site