(රවින්ද්‍ර ලියනගේ සහ ඔගස්ටින් ප්‍රනාන්දු)
පොලිස් ඇඳිරිනීතිය පැවැති අවස්ථාවේදී මාරවිල පොලිස් වසමේ ප්‍රසිද්ධ ස්ථානවල සිටි 15 දෙනෙකු අද (14) දහවල් අත්අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය කියයි.
මාරවිල, නාත්තන්ඩිය, මහවැව, හත්තිනිය හා කටුනේරිය යන ප්‍රදේශවලදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවෝ මාරවිල පොලිස් වසම තුළ පදිංචිකරුවෝ වෙති.
ඇඳීරිනීතිය ක්‍රියාත්මක වෙමින් තිබු අද (14) පෙරවරු 8.00 සිට දහවල් 12.00 දක්වා කාළය තුළදී මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩවල්, පල්ලි, ගෙවල් කඩනකොට, ගිනි තියනකොට අැරෙස්ට් කරේ නැහැ. දැන් නිකන් පාරේ ඉන්න අයව අැරෙස්ට් කරනවද?