(ඩයනා උදයංගනී)

කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමේ විශාලතම රෝහල ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සීදුව ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ඉදිකරමින් පවතී.

මෙම රෝහලේ ඉදිකිරීම් කටයුතු අද (7) දිනය තුළ අවසන් කිරීමට නියමිත බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

හදිසි වෛද්‍ය පහසුකම්, හුදකලා වාට්ටු කිහිපයකින් මෙය සමන්විත වන අතර එක්වර රෝගීන් 1,200 ක් පමණ ඇතුළත් කරගැනීමේ පහසුකම් මෙහි පවතින බව වාර්තා ‍වේ.