(ඉන්දිකා රාමනායක)
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ බලපත්‍රයක් නොමැතිව ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඖෂධ හලකට මුද්‍රා තැබූ බව එම අධිකාරිය පවසයි.
සංචරණ සීමා පවතින අවස්ථාවේ මෙහි හිමිකරු අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් ලබාගෙන ඖෂධ බෙදා හැර ඇති බව අධිකාරියේ ප්‍රකාශකයෙක් කියයි.
මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව ඖෂධ නියාමන අධිකාරියේ උපාය දුතයකු යොදවා ඖෂධ ඇණවුම් කර මෙම වැටලීම සිදු කළ බවද එම ප්‍රකාශකයා සඳහන් කරයි.
මෙම ඖෂධ හලේ ඖෂධවේදියකු නොමැති බවත් හිමිකරු එම ඖෂධ බෙදා හැර ඇති බව ද අධිකාරිය පවසයි
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් මෙම ඖෂධ හලට මුද්‍රා තබා එහි තිබූ සියලූ ඖෂධ සිය බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලපත්‍රයක් මොකටද අලුතින්? ඕනෑවට වඩා නීතිය යොදවලා මිනිස්සුන්ට කරදර කරන්න එපා. බලපත්‍රයක් නැහැ කියලා බෙහෙත් වහ වෙනවද?