(හර්ෂණ තුෂාර සිල්වා)
ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය දුන් නියෝගය අවභාවිත කරමින් ඇතැම් පිරිස් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අසත්‍ය චෝදනා නගමින් සිටින බව ජනාධිපති නීතිඥ රසික් සාරුක් මහතා අද (24) ප්‍රකාශ කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිපත්ති මත දේශපාලනය කරද්දී ඇතැම් පිරිස් ඔහුට අවලා ද නගමින් මඩ ප්‍රහාර එල්ල කරන බව ද ඔහු පැවැසීය.
පිරිසක් නීතිය වැරැදි ලෙස අර්ථකථනය කරන අතර කැලිෆෝනියා අධිකරණය දුන් තීන්දුව වැරැදි ලෙස පරිවර්තනය කර ඇති බව ද රසික් සාරුක් මහතා සඳහන් කළේය.
කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති මාධ්‍ය හමුවක දී ඔහු ඒ බව පැවැසීය.
ආරම්භයේ සිටම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග කිරීම වැළැක්වීමට විවිධ පාර්ශව විවිධ ක්‍රියාමාර්ග ගත් බව ද ඔහුට එරෙහිව නඩු කිහිපයක් ඉදිරිපත් කෙරුණු අතර ඒ නඩු බොහෝමයක් ඉදිරිපත් කෙරුණේ අයහපත් අරමුණුවලින් යැයි ද ඔහු කීවේය. ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයේ නිරත වීම වැළැක්වීම බොහෝ දෙනකුගේ අරමුණ වී තිබූ බව ද ඔහු කීවේය.
ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අහිම්සා වික්‍රමතුංග කැලිෆෝනියාවේ දිස්ත්‍රික් අධිකරණයක මෙම නඩුව ගොනු කර ඇත්තේ ද වික්‍රමතුංග මහතා මියගොස් වසර දහයකට පසුව බව ද හෙතෙම කීවේය.
අදාළ නඩුව විභාග කිරීමට අධිකරණ බලයක් නොමැති බව දන්වමින් කැලිෆෝනියාවේ දිස්ත්‍රික් අධිකරණය නඩුව නිශ්ප්‍රභ කර ඇති බව ද ඔහු කීය. නඩුව විභාග කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැති බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිදු වරදක් කර නැති බව හොඳින්ම පැහැදිලි වන බව ද ජනාධිපති නීතිඥ රසික් සාරුක් මහතා කීය. ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සම්පූර්ණ සහයෝගය දෙන බව ද ඔහු පැවසීය.
මෙහි දී අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ මයුර ගුණවංශ මහතා අදහස් දක්වමින් ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම කිසිසේත් අනුමත නොකරන බවත්, එම ඝාතනය සම්බන්ධයෙන් වැරැදි නොකළ පුද්ගලයකුට අසත්‍ය චෝදනා එල්ල කිරීමට ඉඩ නොදිය යුතු බවත් කීය.
යම් පිරිසක් ලසන්ත විකුමතුංග මහතාගේ දියණිය අහිම්සා වික්‍රමතුංග රවටා ඇතැයි මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා පැවැසීය.
ඇතැම් කණ්ඩායම් සිය පටු දේශපාලන අරමුණු උදෙසා කැලිෆෝනියේ අධිකරණය දුන් නඩු තීන්දුව වැරැදි ලෙස අර්ථකථනය කරමින් බොරු ව්‍යාප්ත කරමින් සිටින බව මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා කීවේය.
(ඡායාරූප -රොමේෂ් ධනුෂ්ක සිල්වා)

COMMENTS
යම් පුද්ගලයෙක් නීතිය අවභාවිත කරයි නම් කළ යුත්තේ නීති ගරුක නීතිය පිළිබද උගතුන් ලෙස මාධ්‍ය සාකච්ඡා නොව අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමයි. අධිකරණ තීන්දුවලට අර්ථකතන දීමට ඔබට නොහැක. ඔබත් ජනතාව නොමග යවන්නන් බව මෙයින් පැහැදිලිවේ.
මේ ජනාධිපති නීතිඥවරුන් හතරදෙනාත් තම වගකීම අවභාවිතා කරනවා නේද?
උපායෙන් බේරුනත් අපායෙන් බේරෙන්න බැරි බව අයියා මලෝ දැනගත යුතුය. කුඩුවේ ළගින්න සිදු නොවුණත් මුළු ලෝකෙන්ම ලබපු අපහාසයම ඇති අයියා මලොට පිස්සු හැදෙන්න.
පාස්කු ප්‍රහාරකයන්ට පඩි ගෙවපු අය අද කිඹුල් කඳුළු හෙලනවා, කවුරු මැරුවත් පව පටිසන් දෙනවා.
එතකොට කිසිදු ත්‍රස්තක්‍රියාවක් නොකළ පොලිස්පතිතුමයි ආරක්ෂා ලේකම්තුමයි හිරේ ඉන්නේ මොකටද. රාජකාරිය පැහැර හැරීම පාලන නිලධාරියකු කවද්ද හිරෙ ගියෙ. මෙවැනි දේ සිදුවෙන්නේ සිරිසේන යුගයේද.
ඔබලා වැනි අය ජනාධිපති නීතිඥයෝ වෙලා තියෙන්නේ කොයි සේවාදායකයෝ වෙනුවෙන් සේවය සැපයීම නිසාද හොද හැටි තේරුම් ගන්න පුළුවන්. ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අත දරුවෙක් නෙවෙයි කාටවත් රවට්ටන්න. තමුන්නාන්සේලා තමයි රට්ටුන්ව රවට්ටන්න බොරු කියන්නේ.
අධිකරණමය තීන්දු හා කටයුතු සම්බන්ධයෙන් කතා කරනකොට අපි බොහොම පරිස්සම් විය යුතුයි. තිදුව හරිද වැරදිද කියන එක තීරණය කළයුත්තේද අධිකරණයමයි. අතීතයේ කටයුතු කළ සමහර උගත් නීති විශාරදයින් අද කටයුතු කරන්නේ හෝ වැටි ඉන්නේ කොතැනකටද කියල බොහොම ගැඹුරින් හිතා බලන්න. එතකොට ජනතාව විපිළිසර වෙනවා නේද?
අසධාරණයට පත් වූ අයට මෙහෙත්, එහෙත්, කොහෙත්, පිළිසරණක් නැත. බලයට, මුදලට, සියල්ල යට වේ. මේ පවු කවදා හෝ ගෙවනා හැටි බලන් ඉන්න.
ගොඨාභය සම්බන්ද නැහැ කියල හරියටම දන්න මේ අය හරියටම කරපු අය දන්නවනේ කරුණුවසන් කිරීම මහා වරදක් නීතිය සුපිරියටම කරන මේ අය තමයි නිතිය රකින්නේ
අපේ රටේ දුෂිතම ආයතනය අධිකරණයයි. නීතිය ඉස්සරහට දාලා ඕන වැරැද්දක් කරලා හැංගෙන්න පුළුවන්. කවුරු ජනපති උනත් අධිකරණය ඉක්මනටම සුද්ධ කරන්න වෙයි.
අරාබියේ රජාගේ පුතත් ප්‍රසිද්ධියේ මිනීමරලා ඔය හොඳට ඇමරිකාවේ, යුරෝපයේ මහා එවුන් එක්ක කිසි කරදරයක් නැතුව පාටි දාන්නේ... ඒ සල්ලි තෙල් බලේට නෙමෙයිද? අපිට කොහේ තියන සල්ලිද? තෙල්ද, ඒකම ඇති මොලේ තියන කෙනෙකුට හිතන්න.... ගෝඨාට දාලා තියන නඩුවල ඇත්ත නැත්ත.