(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ඇඟලුම් නිෂ්පාදන සමාගම් දේශීය වෙළඳපොළට සපයන ඇඟලුම් ඒකක මත අය කිරීමට පැනවූ බදු වසරකට ආසන්න කාලයක් ප්‍රමාද වී අය කිරීම නිසා රුපියල් කෝටි දහසයකට වැඩි මුදලක් පාඩුවී (බදු මුදල් අහිමි වී) ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එහි අලුත්ම වාර්තාවේ සඳහන් වේ.
ඇඟලුම් ඒකක මත එකතු කළ අගය මත බදු (සංශෝධන )පනත් කෙටුම්පත 2016 වර්ෂයේ නොවැම්බර් මස පළවෙනිදා සිට බලාත්මක වුවද පනතේ වගන්ති ශ්‍රී ලංකා රේගුව විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇත්තේ 2017ජුනි මස 18 වෙනිදා සිට බව එම වාර්තාවේ දැක්වේ.
මේ සම්බන්ධයෙන් කෝපා කමිටුව රේගු ප්‍රධානීන්ගෙන් කරුණු විමසා ඇත .
එහිදී එම ප්‍රධානීන් ප්‍රකාශ කර ඇත්තේ අහිමි වූ බදු මුදලෙන් කොටසක් දැනට අයකර ගෙන ඇති බවත් තවත් කොටසක් අයකර ගැනීමට නියමිත බවත්ය.
කෝ පා කමිටුවේ එම වාර්තාව එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.