(නිශාන්ත කුමාර)
පස්සර , මඩොල්සිම පොලිස් වසමට අයත් ඇකිරිය හා ඒ අවට ගම්මාන කීපයක අද (31) අලුයම 2.56 ට පමණ විශාල ප්‍රමාණයේ භු කම්පනයක් සිදුවූ බව ගම්වාසීහු පිරිසක් පැවැසූහ.
තත්පර 30 ක පමණ කාලයක් ඒම භු කම්පනය පැවැති බවද ඔවුහු කියා සිටියහ.
පොළව යටින් විශාල වාහනයක් ගමන්ගන්නාක් වැනිවූ දැවැන්ත හඩක් කනවැකුණූ බවත් ඇතැම් නිවාස සෙලවී ගිය බවත් ඔවුහු වැඩි දුරටත් කියා සිටියහ.භු කම්පනවලින් කිසිදු ජීවිත හෝ දේපල හාණියක් සිදුව නොමැත.
‘’ පාන්දර ඒක පාරටම පොළව යටින් විශාල වාහනයක් යනව වගේ දැනුන. වහලෙත් හෙල්ලුනා. ඒ සද්දෙට අවදිවෙලා බලද්දිත් පොලව යටින් ඒ සද්දේ දිගටම ආව. විනාඩියක් තරම් මේ සද්දේ තියෙන්න ඇති.’’ යැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇකිරිය ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියැදුරෙකු වන ප්‍රියන්ත දිසානායක මහතා පැවැසීය.
මඩොල්සිම පොලිස් වසමට අයත් ඇකිරිය හා ඒ අවට ගම්මාන කීපයක ඉකුත් 22 දිනයේදීද අලුයම 3.30, 3.38 ට හා අලුයම 3.56 ට මෙවැනිම භු කම්පන තුනක් සිදුවිය.
COMMENTS
අවිධිමත් සංවර්ධනයේ ඵලවිපාක වැඩි ඈතක නැහැ.