
( රේඛා තරංගනී ෆොන්සේකා)
සංචරණ සීමා කාලයේදී පස්ස දොරෙන් ආහාර විකුණන වෙළඳසැල් වටලා මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර කිලෝ තිහක් විනාශ කල බව ශ්‍රි ජයවර්ධනපුර මහ නගරසභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රොද්‍රිගෝ මහතා අද (24) පැවසීය.
සංචරණ ඇඳිරිනීතියද නොතකමින් ඇතැම් වෙළඳසැල් හිමියන් විවිධ ආහාර පාන අලෙවි කිරීමේ නිරතව සිටි බව ඔහු පැවසීය.
මෙවර ආහාර වැටලීමේදී දක්නට ලැබුනු බරපතල සෞඛ්‍ය ගැටලුව නම් පිසින ලද ආහාර පිළියෙල කරන අරක්කැමියන් කොරෝනා සෞඛ්‍ය නීති වලට අනුව මුව ආවරණ පැළඳ නොසිටිම බවද ඔහු පැවසීය.
වසංගතය වැලැක්වීම සඳහා පනවා ඇති අවම සෞඛ්‍ය නීතිය වන මුඛවාඩම් පැළඳ නොසිටින්නන් විසින් පිසින ලද ආහාර මිලදී ගැනීමෙන් කොරෝනා පැතිරීමේ අවදානම වැඩි බව ඔහු පැවසීය.
එසේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ලෙස මැස්සන ගහන පරිසරයකදී මුව ආවරණ නොමැතිව සැකසූ ආහාර විනාශ කල බව වෛද්‍ය නිලධාරියා පැවසීය.
මෙම වැටලීමේදී සුපිරි වෙළඳ සැල් සහ සාමාන්‍ය වෙළඳසැල් කිහිපයක් වැටලූ බව ද ඔහු පැවසීය. සුපිරි වෙළඳසැල්වල පුස් බැඳුණු ඇතැම් එළවලු පළතුරු මිල අඩුකොට අලෙවියට තබා ඇති අයුරු දක්නට ලැබුණු බවත් ඒවා විනාශ කිරීමට කටයුතු කල බවත් මනෝජ් මහතා පැවසීය.
මෙම වැටලීමට ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන මහතා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වන ලහිරු කරුණාරත්න,පී.ඩී මවුස්සාව යන නිලධාරින් එක්ව සිටියහ.


2025 නොවැම්බර් මස 04
333
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2143
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1622
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආහරයට නුසුදුසු කෑම කිලෝ 30 ක් විනාශ කරයි