(මනෝජ් හර්ෂික)
ආසියා ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදය මඟින් පැවැත්වූ චිත්‍ර හා පෝස්ටර් තරඟයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ බව ආතර් සී ක්ලාක් ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (මාධ්‍ය) චින්තන විජයවර්ධන මහතා සඳහන් කරයි.
මෙවර තරඟය ජපානයේ නගෝයා නගරයෙහි පැවැති අතර මේ සඳහා රටවල් 15ක් චිත්‍ර හා පෝස්ටර් ඉදිරිපත් කර තිබුණි. එහිදී වාර්ෂිකව එක රටකට පමණක් පිරිනමනු ලබන jaxa Award සම්මානය දිනා ගැනීමට ද ශ්‍රී ලාංකේය සිසුවියක් සමත් වූවාය.
මෙම ජාත්‍යන්තර චිත්‍ර හා පෝස්ටර් තරඟයට ශ්‍රී ලංකාවෙන් පාසල් දරුවන් ඉදිරිපත් කිරීම සඳහා ආතර් සි ක්ලාක් ආයතනය ශ්‍රී ලංකාව තුළ පවත්වන ජාතික තරඟයකින් පාසල් දරුවන් තිදෙනකුගේ පෝස්ටර් චිත්‍ර 03ක් තෝරාගනු ලබන අතර ඒවා තරඟය සදහා ඉදිරිපත් කරනු ලබයි.
මෙම තරඟය සඳහා ශ්‍රී ලංකාවෙන් චිත්‍ර හා පෝස්ටර් ඉදිරිපත් කළ පාසල් ශිෂ්‍යාවන් තිදෙනා අතුරින් මොණරාගල මහානාම විද්‍යාලයේ හංසි ස්නේහා රිස්වාන් ශිෂ්‍යාව ඉදිරිපත් කළ පෝස්ටර් චිත්‍රය මෙම තරඟයේ වාර්ෂිකව එක රටකට පමණක් පිරිනමනු ලබන jaxa Award සම්මානය දිනා ගැනීමට සමත් වූවාය.
මෙවර තරඟය සඳහා තේමාව ලෙස “See You in Space!” යටතේ චිත්‍ර පෝස්ටර් ඉදිරිපත් කළ අතර එහිදි කළුතර බාලිකා විද්‍යාලයේ එච්.පුජනී හිමිදිරි සිල්වා සහ කිරිබත්ගොඩ විහාරමහා දේවි බාලිකා විද්‍යාලයේ එම්.ටී.එස්. ඔනෙලි ලිහන්සා යන ශිෂ්‍යයාවන්ගේ පෝස්ටර් සඳහාද ආසියා ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදයේ විශේෂ ඇගයීමට ලක්විය.
ආතර් සී ක්ලාක් ආයතනය පාසල් දරුවන් අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයට යොමු කිරීමේ අරමුණින් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනු ලබන බවත් ආසියා ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදය (APRSAF) මගින් සංවිධානය කරනු ලබන අන්තර් ජාතික පෝස්ටර් චිත්‍ර තරඟය සදහා පාසල් දරුවන් ඉදිරිපත් කිරීම වාර්ෂිකව කරන බවත් ආසියා ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදයේ කටයුතු සහ ක්‍රියාකාරකම් සම්බන්ධිකරණය කරන නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
(ඡායාරූපය - ජාත්‍යන්තර චිත්‍ර හා පෝස්ටර් තරඟය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ශිෂ්‍යාවෝ තිදෙනා ආතර් සි ක්ලාක් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සනත් පනාවැන්නගේ මහතා හා ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගන්ගොඩ මහතා සමඟ මෙහි වෙති. (jaxa Award සම්මානය දිනාගත්හංසි ස්නේහා රිස්වාන් ශිෂ්‍යාව වමේ සිට දෙවන්නාය)
බටපොළ ප්‍රදේශයේ හෝටලයක පැවති මංගල උත්සවයකට ගිය කරන්දෙණියේ තරුණයෙකු ඉතා අභිරහස් ලෙස මිය ගොස් සිටීයදී බටපොළ ගල්හිරේ අඹගහහන්දිය තොටුපොළට ආසන්න බොරලු
අපරික්ෂාකාරි ලෙස පෞද්ගලික බස් රථයක් ධාවනය කළ රියැදුරකු පිළිබදව සැක සිතා අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු ගංජා පානය කර ඇති බව තහවරු වු බව ආරච්චිකට්
පෙනහළු ආසාදනයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්, අද (23) රෝහලෙන් පිටව යනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක ද
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
ආයුර්වේද වෛද්‍ය දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාගේ අනුදැනුම මත පාරම්පරික වෛද්‍යවරියක ලෙස සහතිකයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ පහක අල්ලස් මුදලක් ලබාගත්
පිටතින් ආහාර ගෙන ඒමට අවසර දෙන්නැයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුම්බර බන්ධනාගාරයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ආසියා ශාන්තිකර කලාපීය පෝස්ටර් තරගයෙන් පළමු තැන ලංකාවට
කපුරුහාමි Monday, 10 February 2020 10:04 AM
අපේ රටට කීර්තියක් ගෙනදුන් දියණියන්ට හදවතින්ම සුබ පතනවා..
වියතා Monday, 10 February 2020 10:17 AM
හොඳට පෙනෙන ඡායාරූපයකුත් දාන්න අපටත් බලන්න.
Raveendra Monday, 10 February 2020 10:38 AM
පුතාලට අපගේ උණුසුම් සුබපැතුම් !!!
රවින් Monday, 10 February 2020 10:39 AM
අපේ ටියුෂන් ගුරාලා ගහන පෝස්ටර්වල හැටියට නම් ලෝකේ පෝස්ටර්වලින් මුල් ස්ථාන දහයම අපිට තමා එන්න ඕනේ. 11-20 දක්වා දේශපාලුවන්ට. ඉතිරිය ලෝකේ අනික් රටවලට...
රත්තරන් Monday, 10 February 2020 11:33 AM
දත් විලිස්සා ගෙන, වැඳගෙන, සාටකේ දාගෙන ඉන්න උඩුරැවුල්..කාරයන් ඉන්න පෝස්ටරුත් නරක නැහැ...
Athula Monday, 10 February 2020 10:59 AM
ඇයි JVP එකේ පෝස්ටර් ඉදිරිපත් කලේ නැද්ද?
Bamunuarachchi Monday, 10 February 2020 01:32 PM
අපේ අය පෝස්ටර් ගහන්න, අඳින්න අති දක්ෂයි..
KumaraTuesday, 11 February 2020 04:47 AM
ඇයි ගම්වල ඉන්න අය පෙත්සම් ගහන්න දක්‍ෂයි. ඒ විතරක් නොවේ කැලා පත්තර ගහන්නත් හරි දක්‍ෂයි.
Champa Tuesday, 11 February 2020 05:02 AM
අපේ රටට ගෞරවයක් ගෙනත් දුන් මේ දරුවන් තුන්දෙනාටත්, ඔවුන්ට මඟ පෙන්වූ ආතර් සී ක්ලාර්ක් ආයතනයටත් මගේ සුබ පැතුම්!
de silva Tuesday, 11 February 2020 08:15 PM
අයර්ලන්තේ මිනිස්සු ගිටාර් ගහන්න, සංගීතෙට දක්ෂය, කොච්චර දුප්පත් දුෂ්කර රටක් වුනත් කෙන්යාවේ මිනිස්සු මැරතන් දුවන්න දක්ෂය , මොනවා නැතිවුනත් පසුගිය දශක 3-4 අපේ රටේ තාප්ප වල ඇලවුන පෝස්ටර් කන්දරාව ලෝකේ වෙන කොහෙවත් නැතුව ඇති, එහෙවු එකේ අපි පෝස්ටර් තරගවලින් පලවෙනි ස්ථානෙට එන එක සාමාන්‍ය දෙයක්. අපේ පසුගිය පරම්පරා 3-4 ලොකු මහත්වුනේ පෝස්ටර් සමග.