(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හදිසියේ ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් නුගේගොඩ බාලිකා පාසලක සිසුවියන් 23දෙනෙකු අද(03) කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළක් කර ඇතැයි කොහුවල පොලිසිය කියයි.
එම විද්‍යාලයේ 11 ශ්‍රේණියේ පන්ති දෙකක ඉගෙනුම ලබන සිසුවියන් මෙසේ රෝහල් ගතකර ඇත.
සිසුවියන්ගේ දෙඅත් කැසීමට පටන්ගෙන ඇති අතර, පලු දැමීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙන බව පොලිසිය සඳහන් කරයි.
එම පාසලේ පන්ති පරීක්ෂා කළ මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය පැවසුවේ, පන්තිවල තිබී කිසිදු බාහිර දෙයක්, හමුනොවූ බවය. හෙට දිනයේදී ද තවදුරටත් මේ සම්බන්ධයෙන් සොයාබලන බවද ඇය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd