තරිඳු ජයවර්ධන සහ එෆ් අස්ලම්
යාපනයේ ආවා කල්ලියේ වත්මන් නායකයා යැයි කියන අරුලානන්දන් අරුල් නම් පුද්ගලයා පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් 2015 මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයකු බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවසේ.
ඔහු පසුගිය කාලයේ රූපවාහිනී වැඩසටහන් කිහිපයකටම සහභාගී වෙමින් ආවා කල්ලිය ගැන අදහස් දැක්වීම් කළ අතර ඒ සම්බන්ධයෙන් උතුරේ දැඩි විවේචනයක් එල්ල වී තිබේ.
මෙම පුද්ගලයා චුන්නාකම්හි ඉපිදුණු අයකු බවත් පාසල් ගොස් ඇත්තේ බම්බලපිටියේ පාසලකට බවත් දැනගන්නට ඇත.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සහ සම අයිතිය ව්‍යාපාරයට සම්බන්ධ වී කටයුතු කර ඇති ඔහු 2015 අගෝස්තුවේ පැවැති මහ මැතිවරණයට පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් නාමයෝජනා බාර දී තිබෙන අයකු බව උතුරේ ආරංචි මාර්ග කියයි.
හෙරොයින් මිලිග්‍රෑම් 2030ක් (ග්‍රෑම්.2.03ක්) ළඟ තබා ගත්තේයැයි සැකපිට 2017 මාර්තු නව වැනි දා අත්අඩංගුවට පත්ව ඇති අරුල් එතැන් සිට 2018 ජනවාරි 09 වැනි දා පමණ වන තෙක් රිමාන්ඩ් බාරයේ පසුවූ බව පොලිසිය කියයි. ඔහු රිමාන්ඩ් බාරයේ සිටිනා කාලයේ දී ආවා කල්ලියේ සාමාජිකයන් හඳුනා ගන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
භෂා කිහිපයක චතුරත්වයක් ඇති ඔහු ආවා කල්ලි සම්බන්ධයෙන් දැක්වූ බොහෝ අදහස් ව්‍යාජ ඒවා බව උතුරේ ආරංචි මාර්ගවලින් පැවසේ. ආවා කල්ලිය යනු කුලියට දෙමළ ජනතාවට හිරිහැර සහ පීඩා කළ කණ්ඩායමක් බවත්, ඔවුන්ගේ ගිනුමට එක් මිනීමැරුම් චෝදනාවක් තිබෙන බවත් එම ආරංචි මාර්ග පවසයි.
මේ පුද්ගලයා මේ වන විට තරුණ සංවිධානයක් ගොඩ නගා ඇති බව ද දැනගන්ට තිබේ. ආවා කල්ලියේ පළමු පෙළ සිටි ඇතැම් පිරිස් මේ වන විට රට හැර ගොස් ඇත.
ආවා කල්ලිය ගැන අදහස් දක්වමින් පෙනී සිටින අරුනානන්දන් අරුල් නම් පුද්ගලයා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයෙක්දැයි එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතාගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ 2015 දී පක්ෂයට සම්බන්ධ වී සිටියත් දැන් කිසිම සම්බන්ධයක් නැති බවයි. ‘‘ඔහු 2015 මුල් කාලයේ පටන් මාස කිහිපයක් පක්ෂය සමඟ කටයුතු කළා. ඉන් පසු පක්ෂය සමඟ සම්බන්ධයක් නෑ.‘‘ යැයි ජයගොඩ මහතා කීවේය.
ආවා කල්ලිය සම්බන්ධයෙන් 2017 අගෝස්තු 16 වැනි දා පළ වූ ලංකාදීප සත්‍ය ගවේෂණ විශේෂාංගය පහතින්.
’ආවා ආවේ කොහෙන්ද’

COMMENTS
මෙවන් පුද්ගලයන්ගේ තරාතිරම නොබලා ප්‍රසිද්ධ මාධ්‍ය සඳහා ඉක්මනින් ගෙනාවා ඔවුන් වීරයන් කිරීම නොවටී. පසුවට කණගාටුවෙන්න සිදුවන්නේද ප්‍රේක්ෂකයාටමයි. පසුගිය සති දෙක තුන තුළදී ම මොහු දැක්වූ අදහස් එකිනෙකට පරස්පර අදහස් බව පෙනී යනවා.
මමත් අරුලානන්දන්ගෙයි චතුරගෙයි වීඩියෝ එක බැලුවා. ඔහු කියන කතා ගැන මධ්‍යස්තව ඇහුවම, ඒ කියන කතා ගොඩක් දුරට සාධාරණ කතා. ඔහු බුද්දිමත් පුද්ගලයෙක්, ලංකාවට අවශ්‍ය තරුණ ශ්‍රමය ජවය ඔහු ළඟ තිබෙනවා. ඔහු කතා කරන විදියට ලංකාව නියෝජනය කරන එඩිතර නායකයෙකු වීමේ හැකියාව ඔහුට තියෙනව කියලා හිතනවා. යාපනයේ සිංහල උගන්වන ගුරුවරු ඔහු ඉල්ලනවා. ලංකාව දෙකඩ කරන්න හදන පුද්ගලයෝ, ඔහු වැනි දමිල තරුණයන්ව විනාශ කරන්න හදන්නේ. තන්පල කුමාරය කියපු ශ්‍රී වික්‍රම සිංහ රාජසිංහ රජුරුවොත් මෙවැනි පුද්ගලයෙක්ද කියලත් හිතෙනවා.
මමත් ඒ විද්‍යුත් නාලිකාවේ ප්‍රචාරයවූ වැඩසටහන නැරබුවා ඒ මාධ්‍යවෙදියා ඇසු සමහර ප්‍රශ්නවලින් ඔහු සුක්ෂම ලෙස මගහැරී ගියා. ඔහු උතුරේ ඔහුටම ආවේනික වූ අලුත් ගමනක් යැමට සුදානම් බවයි මට හැගී ගියේ. ඔහුගේ අදහස් සහ යෝජනා අර්ථවත් රෝහණ විජේවීරත් ඔය වගේ ජනතා ප්‍රශ්න ඉදිරිපත්කරලා වසර 18 තුල අපේ තරුණ ජීවිත ලක්ෂ දෙකක් පමණ අපේ රටට අහිමිකලා. ඔහු ගැන නිගමනයකට පැමිණීමට තව ඔහු ගැන බොහො දේවල් අධ්‍යයනය කල යුතුයි.
ඔහු ඉතාමත් සාධනීය ලෙස සෑම ප්‍රශ්නයක් සඳහාම පිළිතුරු ලබා දුන්නා. අන්තිමට වුනේ ඔහුගේ දේශපාලන පසුබිමක් හොයාගෙන, අතීතයේ දේවල් ටිකක් හොයාගෙන ඒ මනුස්සයට ගරහන එකයි. සම්බන්ධන් සුමන්තිරන් ඉස්සර කොටි එක්ක දේශපාලනය කරද්දී වැරැදි නෙමෙයිද ?? අඩුම ගානෙ මේ මනුස්සයා කියපු දේවල් ටිකවත් අහපු නැති අය අද කියොනවා
දේශපාලනය කරපු කෙනෙක් තමන්ගෙ අදහස් මධ්‍යයක පැවසීම වරදක් උනේ කවදා ඉඳලද? ඔහු උතුරේ දේශපාලකයගෙ ඉඳල මධ්‍යවේදියා දක්වා හැමෝටම බැන්නා. ප්‍රබාකරන්ට මෝඩයා කිව්වා. දෙතුන් පැත්තේම ජාතිවාදීන්ගේ රෙදි ගැලෙව්වා. ගොඩක් දෙනෙක්ට රිදිලා වගේ.
පෙරටුගාමී පක්ෂයෙන් ඡන්දය ඉල්ලීම වරදක්ද ? මේ රටේ විනාශයට ප්‍රධාන වශයෙන් වගකිව යුතු වන්නේ ජාතිවාදය දේශපාලනය සදහා යොදා ගැනීමයි
එයා කව්රු වුනත් , උතුරේ කුල වාදය ඇත්ත
මමත් ඔහුගේ කතාව ඇහුව, ඔහු කුලවාදයට එරෙහිව , ප්‍රබකරන්ටත් එරෙහිව අදහස් දැක්වීමත් සහ උතුරේ සහ දකුණේ ජාතිවාදීන් ගැන තම ඔහු අදහස් දැක්වුවේ , අපි බලන්න ඕනේ ලේබල් ගහන අයගේ පැටිකිරිය හොඳයිද කියල, අනෙක් කරණය ඔහු හැංගිලා නැතුව ඇති කියල මම හිතනවා.
මෙතන ලොකු කතා කියන අයට වඩා ඔයා කියන අරුන්ට හොද බුද්ධියක් තියනවා. සමාජයට ගැලපෙන අදහස් තියනවා අනිවාර්යෙන් රටේ දියුණුවට ලං කරා ගත යුතු පුද්ගලයෙක්. T.N. A එකට විරුද්දව කතා කරපු නිසානේ දැන් මොහුව පතුරු ගහන්නේ.
ඔහු දමිළ පුද්ගලයෙක් වුවත් කීව දේ ඇත්ත...
තරුණයෙක් අලුත් ජවයක් සම්ප්‍රදායික දෙමළ දේශපාලනයට අභියෝගයක්... ඔහුව ආරක්ෂා කළ යුත්තේ රටේ අනාගතය අඳුරු නොවීම උදෙසායි..