IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ආරුගම්බේ සංචාරක කලාපයට සංචාරකයින්ගෙ වැඩි ආකර්ෂණයක්

(තිළිණි ද සිල්වා)

දිය මත ලිස්සා යාමේ වැඩසටහන (surfing) ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීම තුළින් අරුගම්බේ නව සංචාරක කලාපය කෙරෙහි ලොව පුරා සංචාරකයින්ගේ ආකර්ශණය සහ අවධානය දිනාගැනීමේ වැඩසටහනක් ආරම්භ කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (21) පැවසීය.

කොවිඩ් වසංගතයෙන් ආරක්ෂිත කළාපයක් ලෙස ආරම්භ කෙරෙන ඉදිරි සංචාරක ප්‍රවර්ධන ක්‍රියාදාමය යටතේ අරුගම්බේ ප්‍රදේශය ලොව පුරා සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගත් ප්‍රමුඛතම ස්ථානයක් ලෙස සංවර්ධනය කෙරෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

ඒ අනුව දිය මත ලිස්සා යාමේ පුහුණු සැසි පැවැත්වීම, දියමත ලිස්සා යාමේ තරඟ පැවැත්වීම සහ ඒ පිළිබඳව ලෝකය පුරා ප්‍රචාරණය කිරීම වැනි ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් අරුගම්බේ සංචාරක කලාපය පිළිබඳව දෙස් විදෙස් සංචාරකයින්ගේ අවධානය යොමු කර ගැනීමට අපේක්ෂා කෙරෙන බව සංචාරක අමාත්‍යවරයා සඳහන් කළේය.

නව සංචාරක ප්‍රවර්ධන වැඩසටහන තුළින් එම ක්ෂේත්‍රයේ නියැලී සිටින පුද්ගලයින්ගේ ජීවන මට්ටම ඉහල නැංවීම මෙන්ම සමස්ථයක් ලෙස ආරුගම්බේ සංචාරක කළාපය සංචාරකයින්ගෙන් බහුල කළාපයක් බවට පත්කිරීමට අපේක්ෂා කෙරෙන බවද හෙතෙම වැඩිදුරටත් කීය.

නැගෙනහිර පළාතේ සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම උදෙසා රජය රුපියල් මිලියන 300ක මුදලක් වෙන් කොට ඇති අතර නව සංචාරක කලාපයක් ලෙස ගැසට් කිරීමත් සමගම එම ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ආයතන ගනනාවක නියෝජිතයින්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් පත් කල බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී.

ප්‍රවාහන අමාත්‍යංශය, සංචාරක අධිකාරිය, වනජීවී හා වන සම්පත් දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය,විදුලි බල මණ්ඩලය වැනි ආයතන වල නියෝජිතයන්ගෙන් මෙම කමිටුව සමන්විත වේ.

ඒ යටතේ යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන ආරම්භ කර ඇති අතර මීට අමතරව ආරුගම්බේ සිට ප්‍රාදේශීය සංචාරක ගමනාන්ත දක්වා විශේෂ ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීමට ද පියවර ගෙන ඇත.

අරුගම්බේ සංචාරක කලාපයට ආසන්න මුහුදු මහා විහාරය ,පොතුවිල් ,පානම, කුමන කුරුළු අභය භූමිය වැනි සංචාරක ස්ථාන සහිත ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා හඳුනාගෙන ඇතැයිද සංචාරක අමාත්‍යාංශය කියා සීටී.

 



අදහස් (1)

ආරුගම්බේ සංචාරක කලාපයට සංචාරකයින්ගෙ වැඩි ආකර්ෂණයක්

පප්ප Thursday, 22 July 2021 05:56 AM

කොල්ලො අර ගනුදෙනුව ඉවර කර ගත්තැයි.අර රටටම ඇහෙන්න බොහොම ශාන්ත විදියට ඉල්ලුව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site