IMG-LOGO

ආරක්ෂාවට විශ‍්‍රාමික හමුදා නිලධාරීන් කැඳවන්නැයි ජනපතිට ඉල්ලීමක්

(නිමල කොඩිතුවක්කු)   
 
හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා පාසල් සහ ආගමික ස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් විශ‍්‍රාමික හමුදා නිලධාරීන්  නැවත සේවයට කැඳවන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරන බව ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවැසීය.
 
රට තුළ උද්ගතව ඇති හදිසි තත්ත්වය පිළිබඳව සලකා බලා ආරක්ෂක ක‍්‍රමවේද තවදුරටත් ශක්තිමත් කරන්නැයි තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
 
රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් ඔහු මේ බව පැවැසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා මෙසේ කීය.
 
“රට ත‍්‍රස්තවාදී තර්ජනයකට මුහුණ දී ඇති මේ අවස්ථාවේ විශ‍්‍රාමික හමුදා නිලධාරීන්ගේ සහය ද  ආරක්ෂක කටයුතු වෙනුවෙන් ලබා ගත යුතුයි. යුදසමයේ දී හදිසි අවස්ථාවන්ට මුහුණදීමේ පුහුණුව ලත් නිලධාරීන්ගේ එම සේවය මෙම අවස්ථාවේ ලබා ගත හැකිනම් රටේ ආරක්ෂාව වෙනුවෙන් එය ඉතා වැදගත්වනවා.
 
මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂණ උපකරණ අවශ්‍ය වන්නේ නම් විශේෂ කැබිනට් මණ්ඩල අනුමැතියක් මගින් හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා අදාළ උපකරණ මිලදී ගැනීම සිදු කළ යුතුයි.
 
පාස්කු ඉරිදා දින ම්ලේච්ඡ ප‍්‍රහාර එල්ල කළ අන්තවාදී ත‍්‍රස්ත සංවිධාන ස්ථිර තහනමකට ලක් කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමුවිය යුතුයි. දැනට හදිසි නීති රෙගුලාසි යටතේ එම සංවිධාන තහනම් කර තිබුණත්  නව නීති සකස් කර හෝ නෛතික වශයෙන් අන්තවාදී සංවිධාන විනාශ කර දැමීමට පියවර ගතයුතුයි.

නිතිය සහ සාමය පිලිබඳ අමාත්‍යාංශයේ වගකීම ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දියයුතු බවට එක්සත් ජාතික පක්ෂ  පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. මේ වෙලාවේ  පෞද්ගලිකත්වයට වඩා රට වෙනුවෙන් තීරණ ගැනීමට යොමු වීම අත්‍යවශ්‍ය කරුණක්.

දේශපාලඥනයන් ලෙස අපි කවුරුත් රට ගැන සිතා කටයුතු කළ යුතුයි” යැයිද රාජය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.



අදහස් (4)

ආරක්ෂාවට විශ‍්‍රාමික හමුදා නිලධාරීන් කැඳවන්නැයි ජනපතිට ඉල්ලීමක්

Samathasena Aluthgamage. Thursday, 09 May 2019 11:06 AM

සත්‍ය වශයෙන්ම රටේ ආරක්ෂාව භාරව සරත් පොන්සේකා මහතා පත්කොට රටේ ජනතාවගේ සිත්වල තිබෙන බිය තුරන් කල යුතුයි. තම තමන්ගේ පටු කෝන්තර පසෙක තබා රටේ ආරක්ෂාව සහතික කල යුතුයි. මේ අන්තවාදී ත්‍රස්තයන්ගේ විකාරරුපී මනස බිඳීමට ආයතන ආරක්ෂාවට මුර බල්ලන් යෙදවීම හොඳ ප්‍රයෝගයක්. හැකියාවක් තිබේ නම් ඌරං දෙතුන් දෙනෙකු හෝ ගැවසීමට සලස්වීමද වැදගත්. මන්ද යත්, අන්තවාදී ත්‍රස්තයන්ට මේ සතුන්ගේ ඇසුරෙන් ඔවුන් සිතනා සිහින දෙවියන් වෙත යාමට බැහැ.

:       1       212

Perakum Thursday, 09 May 2019 11:50 AM

ජනාධිපති තුමා කියන විදීයට රට සාමකාමී බැවින් අමතර ආරක්ෂාවක් කුමටද? අනිවාර්යයෙන්ම මේ යෝජනාව ප්‍රතික්ෂේප වෙනවා.

:       0       159

sugath Thursday, 09 May 2019 02:31 PM

නරකද , මහජන සේවය වෙනුවෙන්ම කැප වුන දෙසපලුවන්ගේ පවුලේ හා න හිතවතුන් සියලු දෙනා මේ කටයුත්තට යෙදෙවුවනම්. දුප්පත් මිනිසුන්ගේ බදු මුදල් වලින් පිනට කාල, හොරකම් කරලා, පිම්බුරෝ වගේ මහත් වෙලා ඉන්න හොර හැත්ත , අඩු තරමේ පව් හේදෙන්ඩ වත්.

:       0       0

chandima Thursday, 09 May 2019 11:34 PM

අර අධ්‍යාපන ඇමැතිත් කියන්නේ සියල්ල සන්සුන් කියල.

:       1       250

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 201 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 705 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1113 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site