(තරිඳු ජයවර්ධන)
පොලිස් ස්ථානාධිපතිවරුන් 72ට පොලිස්පතිවරයා විසින් ලබා දෙනු ලැබූ ස්ථාන මාරු යළිත් අවලංගු කර තිබේ.
ස්ථාන මාරු පොලිස් පණිවුඩයේ සඳහන් කර තිබුනේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ස්ථාන මාරු කරන බවයි.
කෙසේ වෙතත් එම ස්ථාන මාරු නියෝගයෙන් පැය 48ක් යන්නට මත්තෙන් පොලිස්පතිවරයා තවත් පොලිස් පණිවුඩයක් නිකුත් කරමින් ස්ථාන මාරු අවලංගු කර තිබේ.
ස්ථාන මාරු අවලංගු කිරීමේ නියෝගයේ සඳහන් කර ඇත්තේ ආරක්ෂක ලේකම්ගේ සහ පොලිස් කොමිසමේ උපදෙස් පරිදි ස්ථාන මාරු අවලංගු කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් ජෝකර්ලා. කී වතාවක් නම් ඔහොම වුණාද?
ජෝකර්ලාගෙන් පිරුණු රටක්...
පොලිස් කොමිසම කියන්නේ නිදහස් කොමිසමක්ද? ආරක්ෂක ලේකම්, ඇමති නිදහස් කොමිසමට වඩා ඉහළින්ද ඉන්නේ? පොදුජන හිත සුව පිණිස පැහැදිලි කරන්නකෝ? පිළිතුර ව්‍යවස්ථා කොමිසමෙන් විමසා බලා පළකළොත් වඩාත් සුදුසුවේ.
මෙය ජනපතිගේ නීතිවිරෝධී ක්‍රියාවක්... ඒ වගේම සදාචාර විරෝධී දෙයක්. එජාපය ඇතුලේ ගහගන්නේ නැතුව මේ දේවල් සඳහා ඉදිරියට පැමිණිය යුතුයි. කාටවත් නීතිය නවන්න ඉඩ දිය යුතු නැහැ. ජනපති රජයෙන් පිලිගැනීමක් මේ කරන්නේ...
පොලිස්පතිතුමාගේ වැඩ අවුල් කරන්න... ඒ වගේම රටේ සාමය අවුල් කරන්න ගෙනයන වැඩපිළිවලක් ලෙස මම මෙය දකිනවා. ව්‍යවස්ථාව අමුඅමුවේ උල්ලංඝනය කරපු රටක මෙවැනි දේවල් විශ්මයක් නොවේ. මේ සියල්ලටම ඡන්දෙන් මහජනයා පිළිතුරු දේවි...
ඔය ඔක්කොම කොමිසම් එකයි.. අර සංස්ථාවල සභාපතිවරු පත්කරනවා වගේ ඕවටත් සාමාජිකයින් පත් කරන්නේ අපේ මංත්‍රීලම තමයි.. එ් නිසා ඕවයින් ඔය කියන ස්වාධීන බවක් ලබාගන්න බැහැ.. බලය තියෙන කණඩායමට එ් අයගේ සහයෝගය ලැබෙනවා. නැත්නම් සාමාජිකත්වය අහොසි කරනවානේ. ඕවත් නිකන් ජනතාව රවටන්න හදපු එවා පමණයි. පෙරට වඩා වැඩියෙන් දැන් කඩේයාමක් තමයි වෙන්නේ...
කවුද මේවා සාධාරණීය කරණය කරන්නේ ..?