ආරක්ෂක මණ්ඩලයට පසුගිය ඔක්තෝබර් 23න් පසු තමා නොකැඳවූ බව දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අද(06) පැවසීය.
පූජිත ජයසුන්දර මහතා මේ බව පැවසුවේ පාස්කු ප්‍රහාරයට ගැන සොයා බැලීමට පත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගී වූ අවස්ථාවේදීය.
ආරක්ෂක මණ්ඩලයට තමාගේ සහභාගීත්වය අවශ්‍ය නැතැයි ජනාධිපතිවරයා පැවසූ බව එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ කපිල වෛද්‍යරත්න මහතා දැනුම් දුන්නේයැයි පොලිස්පතිවරයා කීවේය.
COMMENTS
බාලාංශ පංතිය පමණක් ඉගෙනුම ලැබූ අප මොවුන් මෙන් උගතුන් බුද්ධිමතුන් නොවන්නෝය. නමුත් අපගේ පුංචි මොලයට එකම එක ගැටළුවක් ඇත. මෙවන් උගත් බුද්ධිමත් නිලදාරීන් ඒ බව රාජකාරි මට්ටමෙන් ලිඛිතව අදාළ ආයතන වලට දැන්නුවේද නැද්ද යන්න ?
අපගේ සිත් කුඩාකල සෙල්ලම් බත් උයපු අවදියට දිව යනවා .හරිම සුන්දර අතීතයක් එය. අපි කුමකින් හෝ සිත් හරස් කරගත්තොත් අනිකාට කියනවා " ඔය එන්න එපා අපේ සෙල්ලම් ගෙදරට "කියා හරිම සුන්දර කාලයක් එය. මේ අපේ උසස් නිලදාරීන් අපි කුඩාකල කරපු ඒ දෙය අවුරුදු 55 පැනල කරනකොට එක්කෝ වසුරු පිටකරන පැත්තේ සිනහ නගන්නද නැත්නම් ඔලුවෙන් හිටගෙන සිනහ නගන්නද මන්ද ?? ලැජ්ජයි වස්ත්‍ර අගේ ඔතාගෙන තියෙන්නේ සිතලටද ?
මරු මරු සාක්කි දෙන සියල්ලන්ම ජනාධිිිපති සමග අමනාප අයයි මෙ කරන්නෙ සත්‍ය සෙවීම වෙනුවට මඩ ගැසීමයි. මෙය එ.ජා.පක්ෂය විසින් ජනාධිපතිතුමාට පහර ගැසීමට යොදා ගන්නා කදිම උපක්‍රමයකි... එලි වෙන ජාමෙට. හොද හොද සෙල්ලම් කිව්වා
එන පොට හොද නැහැ
1.එන්න එපා කියල දැනුම් දීපු නිවේදනේ මීඩියා වලට දෙන්න. 2. වාචිකව කිවනම් ඔබ වැනි ඉහල නිලදාරියකු ඒගැන දැනුම් දුන්නේ කාටද? 3. එන්න එපා කිවනම් ඔබතුමාගේ හැසිරීම හා ක්‍රියා පටිපාටිය ගැන ප්‍රශ්න කල යුතුය . 4.කොහොම උනත් ඔබතුමාට මේ ප්‍රහාරය ගැන ලිඛිතව දැනුම් දීල තියනවා. ඔබ තුමා කලේ ලිව්මට අත්සනක් දාල පහලට යවල ඒගොල්ලෝ මොකද කරන්නේ කියල නොබලා බබා පාර්ට් දාපු එකයි . ඔබතුමා වරදක් කරනම් දඬුවම ලබන්නම ඕනේ. හැබයි ඔයාට උඩින් ඉන්න අයට ඔබව තාප්පයක් කරලා හැංගිලා බලන් ඉන්න ජනතාව ඉඩ නොදෙන බවත් මතක තියාගන්න .
එක තැනක සඳහන් වුණ පරිදි ගිය වසරේ අග භාගයේ සිට ආරක්ෂක මණ්ඩල රැස්වීම් වලට පොලිස්පතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරගේ සහභාගීත්වය අනවශ්‍ය බව දැනුම් දී ඇත. මා සිතන පරිදි ජනාධිපතිවරයාට මෙවැනි තීරණයක් ගැනීමට සාධරණ හේතුවක් ඇති.
මොහුට විරුද්ධ ව ජනපති ඝාතන කුමන්ත්‍රණ චෝදනා තියෙන නිසා එන්න එපා කිව්වා එක පැහැදිලියි. එවැනි තත්වයකදී ජනාධිපතිට ඔහු ඉවත් කරන්න බැරිනම් රටට මොකද වෙන්නේ. මොකද රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඕනෑම අමාත්‍යංශ ලේකම් කෙනෙක් ඉවත් කරන්න පුළුවන්
මාකඳුරෙ මදුශ්ට මොකද වුනේ. එයා ඉන්නවද. එලියට දානවා කියපු මහ බැංකු වාර්තාව කෝ, එල්ලුම් ගහ කෝ
පොලිස් පති නැති ආරක්ෂක මණ්ඩලයක්. හරි පුදුමයක්. ලෝකේ කොහෙවත් නැතුව ඇති.
ඔයා එළිවෙන්නේ ඇත්ත
ඔන්න ඔහොමලු රට කරලා තියෙන්නේ
මේ මනුස්සයා හරි කියලා අපිට දැන් හිතෙනවා .
පොලිස්පති නැති ආරක්ෂක මණ්ඩලය හරියට ලුණු නැති බත් එකක් වගේ...
පොලිස්පති නොමැතිව ආරක්ෂක මණ්ඩලයක් ලෝකේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ
රටම දැන් තමයි දන්නේ පොලිස්පතිට දීලා තියෙන් වද අපි අදයි දන්නේ
පොලිස් පති නැති ආරක්ෂක මණ්ඩලය පරිප්පු නැති හෝටලයක් වගේ
මේක මාර රටක්නේ. පොලිස්පති, අගමැති, නියෝජ්‍ය ආරක්ෂක ඇමති මාස ගානක් නැති ආරක්ෂක මණ්ඩලයක් ඇති මාර දුපතක්
ඔය මොනවා කිව්වත් අපට ඔය සාක්කිය අසද්දී තේරුනේ මේ ප්‍රහාරයට දින කිහිපයකට කලිනුත් එක දිනකට කලිනුත් මේ ගැන දැනුවත් වෙලා සිටි වගයි. අපට නියෝජ්‍ය පොලිස්පතිලා විශාල ප්‍රමානයක් උන්නට පොලිස්පතිලා ඉන්නේ එක්කෙනයි. අනතුර දැනගත්තේ මාසයකට කලින්ද? සතියකට කලින්ද? නැතිනම් පැයකට කලින්ද? ඒ ගැන ඇමතිගෙන් නියෝග ලැබුනද? අරක්ෂක මණ්ඩලේන් උපදෙස් ලැබුනද? කියන එකෙන් වැඩක් නැහැ. මේ පිළිබඳව වහ ක්‍රියාත්මක වීම රාජකාරියේ වගකීමක්. මෙතුමා රාජකාරිය පැහැර ඇරලා තියෙනවා. වැටුප් ලබමින්, රටේ ඉහලම තනතුරක් දරමින් සේවය ඉටුකිරීමත්, මෝඩ පිරිසක් ජනතා ඡන්දෙන් හෝ හොර ඡන්දෙන් බලය ලබාගෙන කරන විගඩම් වලත් විශාල වෙනසක් තිබෙනවා. රට පුරා ඇඳිරි නිතිය පැනවීමේ බලය නොතිබුනාට අඩු තරමින් සිවිල් රහස් පොලිස් නිලධාරීන් වහ වහා සේවයේ යෙදවිමටවත් තිබුනා. මේ නොබෝ දිනෙක ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පාසලකට කඩා වැදුණු වෙඩි කරුවකු හතර අතේ වෙඩි තබද්දී සේවයේ දී උන් පොලිස් නිලධාරියා බලාගෙන උන් වරදට රාජකාරිය පැහැර හැරීමේ වරදට අපරාධ නිතිය යටතේ වරදකරුවකු වුනා. ඒ දේශපාලකයින් අවි ආයුධ සිමා කිරීමේ පනත් වලට විරුද්ධ වෙමින් සිටියදීයි. මෙතනදීත් ඒ විදියටම බලාගෙනඉඳලයි තියෙන්නේ.
තව දුරටත් කියනවනම්, මේ අවස්ථාවේ හදිසි අනතුරු අංශයේ සේවයේ දී උන් දොස්තරවරුන් , හෙදියන් ඇතුළු සුව සේවක සේවිකාවන් ඔබතුමා වගේ මට අදාල නැහැ කියා හෝ කල් ඇතිව දැනුම් දුන්නේ නැහැ කියා සේවයේ දී සිටින්නන්ට වැඩය පවරා, බලාගෙන උන්නනම්, අද තත්වය මෙයිට වඩා වෙනස්, ඒ හැමෝම තම රාජකාරියේ වගකීම මෙන්ම ඉන් ඔබ්බටත් ගොස් තම සේවාවන් නොපිරි හෙලා ඉටුකලා. ඔබව ඔය තනතුරට පත්ව ඇත්තේ එම තනතුරේ ඇති බැරෑරුම් වගකීම් ඉටු කිරීමට සුදුසුකම් ඇත්තෙක් යයි සිතායි. ඔබට මහජන මුදලින් වැටුප් ගෙවා ඇත්තෙත් ඒ නිසාමයි. ඒ නිසා වරද ඔබ කර ඇත්තේ රාජකාරිය පැහැර හැරීමක්. නමුත් ඒ තුලින් ඔබට ඉහලින් සිටි නිලධාරීන් සහ දේශපාලකයින් කල වරද වරදක් නොවනවා නොවෙයි. ඒ දේශපාලකයින් ඔබට මේ තොරතුර සඳහා කල යුතු දේ උපදෙස් නොදුන් නමුත් මුළු පොලිස් හමුදාවේම අණ දෙන්නා ඔබයි. ඔබ යටතේ රහස් පොලිසියකුත්, හදිසි මෙහෙයුම් අංශ, ආදියත් තිබු බව අමතක කරන්නට එපා. දේශපාලකයින්ට නිසි දඬුවම් දෙන්නේ ජනතාවයි. නමුත් ඔබ රටේ වෙනත් රාජකාරිමය නීති රීති වලට යටත් වනවා.
ඇන්.ඇම්. එදා .ජේ.ආර් . ට කිපපු කතාව තමයි මේ
දැන් ලෝකයාම දන්නවා මේ දෙදෙනාම නිර්දෝෂී කියලා අපි බලමු තීන්දුව .
මේවා පරම් පරාවටම සහ ගහන අපරාද දේව නීතිය වැරදි කරුවන්ට නිසි කලට දඩුවම් කරාවි එතෙක් මිනිසුනි ඉවසන්න.................
හෙන ගහපන් ගණන් බලාපන් කිවුවලු
දැන් දැක්කානේ මේවා මහා අපරාද
මේවා නරක වැඩ