( නිමන්ති රණසිංහ)
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා ඉදිරි සතිය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට ලිපි සකස් කර ඇතැයි එම දෙපාර්තමේන්තුව අද (19) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය හමුවේ ප්‍රකාශ කළේය.
හිටපු ආරක්ෂ මාණ්ඩලික ප්‍රධානිවරයා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් කරුණු තිබෙන බැවින් අදාල ප්‍රකාශ ලබා ගැනීම සඳහා ලිපි සකස් කරමින් පවතින බව ඔවුහු වැඩිදුරටත් අධිකරණය හමුවේ සඳහන් කළහ.
පුද්ගලයින් 11 දෙනකු පැහැරගෙන යාමේ සිද්ධියට සම්බන්ධ නඩුව අද (19) යළි අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.