IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ආයතන 12ක් අත්‍යවශ්‍ය සේවා යටතට

(සුජිත් හේවාජුලිගේ)

සෞඛ්‍ය සේවා, වරාය, ඛනිජ තෙල්, රේගුව ඇතුළු ආයතන හා ක්ෂේත්‍ර 12ක සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් පත් කිරීම තවදුරටත්  දීර්ඝ කරමින් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය .

ජනාධිපති ලේකම්වරයා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත අනුවය.

මේ අනුව අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇති අනෙකුත් ආයතන හා ක්ෂේත්‍ර වන්නේ
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඇතුළු පොදු ප්‍රවාහන සේවා ,සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ,ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරීන්, කෘෂි පර්යේෂණ සහකාර නිලධාරීන්,ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලුම රාජ්‍ය බැංකු හා රක්ෂණ සේවා කටයුතු, පළාත් පාලන ආයතන මගින් කෙරෙන කසළ  කළමනාකරණ සේවා කටයුතු, සීමාසහිත ලංකා සතොස, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව , පළාත් සභා යටතේ වන සියලුම රජයේ කාර්යාලවල සේවා, තැපල් දෙපාර්තමේන්තුවේ සේවා  යනාදියයි.

සෞඛ්‍ය සේවයට අදාළව ඉටු කළ යුතු  වන්නා වූ හෝ අවශ්‍ය වන්නා වූ කවර වූ ස්වභාවයේ සියලුම සේවාවන් වැඩ හෝ ශ්‍රම දායකත්වය අත්‍යවශ්‍ය සේවා බවට පත්වන බවද එහි සඳහන් වෙයි.

සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කෙරෙන සේවා සැපයීමට අවහිරයක් හෝ  බාධාවක් ඇති වීම වැළැක්වීම සඳහා ජනපතිවරයා විසින් මෙම  ආඥාව නිකුත් කරනු ලැබ  ඇත. 



අදහස් (0)

ආයතන 12ක් අත්‍යවශ්‍ය සේවා යටතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 41 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site