(විනීතා එම් ගමගේ)
ආයෝජන මණ්ඩලය යටතේ පවතින සියලු කම්හල් වසා දමන්නැයි කාර්මික අපනයන සහ ආයෝජන ප‍්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා ආයෝජන මණ්ඩලයට නියෝග කර ඇත.
එම ආයතනවල සේවය කළ සේවක සේවිකාවන් සියුල දෙනා යුද හමුදා අධීක්ෂණය යටතේ බස් රඨ මගින් ඔවුන්ගේ නිවෙස් වෙත රැුගෙන යාමට කටයුතු කරන ලෙස ද විෂය භාර අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇතැයි ආයෝජන මණ්ඩලය පවසයි.
කොරෝනා වයිරසය පැතිර යාම වැළැක්වීමේ රජයේ වැඩ පිළිවෙලට සහය දැක්වීමක් ලෙස මෙලෙස සියලූම කර්මාන්තශාලා වසා දමන ලෙස නියෝග කර ඇතැයි ආයෝජන මණ්ඩලය ස`දහන් කරයි.
කටුනායක, බියගම සීතාවක ඇතුළු නිදහස් වෙළ`ද කලාපවල සේවය කරන සේවක සේවිකාවන් 25000 කට අධික පිරිසක් තම ගම්බිම්වලට යාගත නොහැකිව නවාතැන්වල සිරවී සිටින බවට නිදහස් වෙළ`ද කලාප සහ පොදු සේවා සේවක සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මෙන්ම, යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කම්කරු ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු බලධාරින් වෙත අද (26)දැනුම් දුන් අතර ඒ අනුව අමාත්‍යවරයා විසින් මෙම පියවර ගෙන තිබේ.
ඔවුන් නිවෙස් වෙත යන තුරු පොලිසිය හා අවට පන්සල් ඇතුළු පිරිස්වල සහය ඇතිව එම පිරිස්වලට ආහාර පාන ලබා දීමට කටයුතු යොදා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුෂ්‍යත්වයේ නාමයෙන් අගය කළයුතු දෙයක්.
ප්‍රමාද වී හෝ ගත් නිවැරදි තීරණයක්. ප්‍රධාන කර්මාන්ත පුර හැර කුඩා පරිමාණ ස්ථානවලත් එහෙම අයවලුන් ඉන්නවා. උදාහරණයක් ගතහොත් දන්කොටුවේ මාවතගම කර්මාන්තපුරය- එවැනි ස්ථානවල නවාතැන් පොලවලත් සේවකයින් කොටුවී ඉන්න පුළුවන්.
මේ වෙලාවේ රටේ මුදල් හොා කන්නේ නැතිව කරුණාවෙන් වැඩ කරන්න සියලුම රාජ්‍ය නායකයින් වග බලා ගන්න. ගිය වසරේ පාස්කු බෝම්බයෙන් ගොඩක් පීඩා වින්දේ රජුටයි කවට අන්ද්යි බලය නොතිබුන නිසා. අද මේ දෙන්නගෙම කට වැහිලා. වෙනස පේනවද ? කිසිම දෙයක් නොපෙන්නුනට හොර කාලා අහුවෙන්න එපා.
ඇයි බැරි නිෂ්පාදන කටයුතු සාමාන්‍ය ප්‍රමාණයෙන් බාගයක් කරලා...? half staff එක සේවා මුරයකට ගෙනල්ල කර්මාන්ත ටික දුවන්න. චිනේ වැඩ පටන් අරන් අපිට අමු ද්‍රව්‍ය හිග වෙන එකක් නෑ. තව සතියක් මෙහෙම ගියොත් තව අවුරුද්දකට ලංකාවට නැගිටින්න බෑ.